2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 2ක් ජයගෙන තරග දෙකක් පරාජය වී මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.
කෙසේ නමුත් ඊයේ (26) පැවති නවසීලන්ත – පාකිස්තාන ක්‍රිකට් තරගය පාකිස්තානය ජයග්‍රහණය කිරීමත් සමඟම ශ්‍රී ලංකාවට ඔවුන් සහභාගී වන ඉදිරි තරග 3ම ජය ගැනීමේ අනිවාර්ය වන මට්ටමකට දැන් දැන් මේ තරගාවලියේ උණුසුම වැඩි වී තිබේ.
ගහට ගහක් මුණ ගැසෙන මොරටුව = ලීඩ්ස් වූ දා
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා එංගලන්තයට ………..
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් ඉතිහාසය
වසර 28ක් ඉපැරණි දෙරට අතර එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල එකිනෙකා එක්දින ක්‍රිකට් තරග 76ක දී එකිනෙකා මුණ ගැසී ඇති අතර ඉන් තරග 31ක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 43ක් ජයග්‍රහණය කර එහි පෙරමුණේ සිටී. එසේම තවත් තරග යක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් වරට එකිනෙකා මුණගැසුනේ 2019 වසරේ මාර්තු යන කාලසමයේ දීයි. දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණු එම තරගාවලිය තරග 5-0ක් ලෙස පහසුවෙන්ම ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලදී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව පස් වතාවක් මුණගැසී තිබෙන අතර එහි දී තරග 3-1ක් ලෙස දකුණු අප්‍රිකාව මෙහි පෙරමුණේ සිටියි. තවත් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී ඇත.
ලොකු ඉනිම් හා පොඩි ඉනිම්
2017 වසරේ පෙබරවාරි 10 වැනිදා සෙන්චූරියන් හිදී පැවති තරගයක දී දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 384 දෙරටේ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල වාර්තා වී ඇති වැඩිම ලකුණයි. ඒ තරගය ලකුණු 88කින් ශ්‍රී ලංකාවට පරාජය වෙන්න වුනත් තරගයේ අවසානය දක්වාම ඉතාමත් හොඳ සටනක් දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය.
වැඩිම ලකුණේ වාර්තාව දකුණු අප්‍රිකාව දෙසට යද්දී අඩුම ලකුණේ වාර්තාව ලියවී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නම ඉදිරියෙනි. 2012 වසරේ ජනවාරි මස 11 වැනිදා පාර්ල් හිදී පැවති තරගයක දී ශ්‍රී ලංකාවට ඒ අවාසනාවන්ත සිදු වීමට මුහුණ දෙන්න වූ අතර තරගය ලකුණු 258කින් පරාජය වෙන්නත් සිදු විය.
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර වසර 28ක් ඉපැරණි එක්දින ක්‍රිකට් තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරග 44ක් ක්‍රීඩා කර ලකුණු 1789ක් ලබාගෙන ඇත්තේ 45.87ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි. වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ ෂෝන් පොලොක් වන අතර ඔහු ශ්‍රී ලංකාව සමඟින් එක්දින ක්‍රිකට් තරග 35කට සහභාගී වෙමින් කඩුලු 51ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
දිමුත් කරුණාරත්න

එසේම දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එකඳු එක්දින ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති දිමුත් අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර එක්දින තරග 5 තුළ ලකුණු 257ක් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 86කට ආසන්න ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
ෆෆ් ඩු ප්ලේසී

ප්ලේසී එක්දින ශතක 11ක් සහ අර්ධ ශතක 34ක් වාර්තා කරගෙන ඇති අතර ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 25ක දී ලකුණු 1070ක් ලබාගෙන තිබෙන්නේ 47කට ආසන්න සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
ලෝක කුසලාන ඉතිහාසයේ අමතක කළ නොහැකි ප්‍රින්ගල්වරු
1975 පෘඩෙන්ෂල් …..
කුසල් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 13ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 14ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 30කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන දකුණු අප්‍රිකානු පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
ඩේවිඩ් මිලර්

තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

තම සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන මාලිංග ජාත්‍යන්තර එක්දින තරග 222 ක දී කඩුලු 330ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 5.34ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.
වයස අවුරුදු 35ක් වන මාලිංග දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරග 23ක දී කඩුලු 36ක් දවාගෙන තිබෙන්නේ 29.16ක් පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
කගීසෝ රබාඩා

ඉසුරු උදාන

වමතින් මද වේගපන්දු යවන උදාන මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 10කට සහභාගී වෙමින් කඩුලු 8ක් දවාගෙන ඇත්තේ දකුණු අප්‍රිකාව සමඟ එක් එක්දින තරගයක් හෝ ක්‍රීඩා නොකරමිනි. එසේම 40-50 අතර පන්දුවාර යැවීම සඳහා උදානව භාවිතා කිරීම ඉතාමත් හොඳ තීරණයක් බව දත්ත අනුව පෙනේ.
ඉම්රාන් තාහීර්

මොහු එක්දින තරග 105ක දී කඩුලු 172ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 24.43ක් ලෙස දැක්වේ. තාහීර් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 4.64ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. එසේම තාහීර් ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 15.03ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක සටහන් කරගෙන තිබේ.
ලෝක කුසලානයේ “semi final” එන්න ශ්‍රී ලංකාවට තියෙන ඉඩ කඩ
වෙනදා මෙන් නොව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් …….
ඩරම් තණතීරුව හා කාලගුණය

සවස් කාලයේ වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් ඇති අතර මෙම තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ද වෙන්කර නොමැත. ප්‍රේක්ෂකයින් 5,000කට පමණ අසුන් ගැනීමට හැකි මේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට පළමුව පන්දුවට පහර දීම තෝරාගනු ඇත.
සංචිතයන්
ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩර්සේ.
දකුණු අප්‍රිකාව: ෆෆ් ඩු ෆ්ලෙසිස් (නායක), හෂීම් අම්ලා , ක්වින්ටන් ඩි කොක්, ජේ.පී. ඩුමිනි, ඩේවිඩ් මිලර්, ඒඩන් මාක්රම්, රාසි වෑන් ඩුසන්, ක්‍රිස් මොරිස්, ඩ්වේන් ප්‍රිටෝරියස්, ඇන්ඩිලේ පෙලුක්වායෝ, කගීසෝ රබාඩා, බෙරෝන් හෙන්ඩ්රික්ස්, ඉම්රාන් තාහීර්, ලුන්ගි න්ගිඩි, තබ්‍රයිස් ෂම්සි
අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග.
දකුණු අප්‍රිකාව: ෆාෆ් ඩූ ෆ්ලෙසිස් (නායක), හෂීම් අම්ලා , ක්වින්ටන් ඩි කොක්, ජේ.පී. ඩුමිනි, ඩේවිඩ් මිලර්, රාසි වෑන් ඩුසන්, ක්‍රිස් මොරිස්, ඇන්ඩිලේ පෙලුක්වායෝ, කගීසෝ රබාඩා, ඉම්රාන් තාහීර්, ලුන්ගි න්ගිඩි.
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම 5 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4902ක් සමඟ ප්‍රසාද ලකුණු 109ක් දිනාගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනාගෙන සිටින්නේ ලකුණු 3754ක් සමඟ ප්‍රසාද ලකුණු 78ක් දිනාගෙනය.
ශ්‍රේණිගත කිරීම්වලින් ද දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුළ හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළ හොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන
- ජුනි 28: දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 01: – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 06: ඉන්දියාව – ලීඩ්ස්
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















