කුසල් සහ දික්වැල්ල ලකුණු අතරට පිවිසෙමින් බලාපොරොත්තු දල්වති

3687

පළමු ඉනිමේ අසාර්ථක වූ ශ්‍රී ලංකා සෑම පිතිකරුවෙක්ම දෙවැනි ඉනිමේ දී සාර්ථක වෙමින් එළඹෙන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට කදිම පෙරහුරුවක් ලබා ගත් දෙරට අතර පැවති එකම පුහුණු තරගය අද (10) ජය පරාජයෙන් තොරව නේපියර් පිටියේ දී අවසන් විය.

පෙර ඉනිමේ බින්දුකාරයන් වූ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල අද දවසේ දී ලකුණු අතරට පිවිසෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු දල්වද්දී, රොෂේන් සිල්වාගේ පිතිකරණයේ ද යම් ප්‍රගතියක් දැක ගත හැකි වීම සුවිශේෂී විය.

ධනුෂ්ක සහ තිරිමාන්නගෙන් දෙවැනි ඉනිමට හොඳ ආරම්භයක්

නවසීලන්ත තරග සංචාරයේ පුහුණු තරගයේ …

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් පළමු ඉනිමට ලබා ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 210කි. නවසීලන්ත ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා ගත්තේ ය.

පළමු ඉනිමේ පිතිකරණයේ දී ශ්‍රී ලංකාව තරමක් පසුගාමී බවක් දැක්වූව ද දෙවැනි ඉනිමේ දී පැකිළීමකින් තොරව පන්දුවට පහර දෙන බවක් පෙනුනි. ඔවුන් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 160ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටිය හ. එතැන‍් සිට අද ආරම්භයේ සිටම යහපත් ලෙසින් පිතිකරණයේ යෙදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව ඔවුන් තම දෙවැනි ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 321ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට නැවත පන්දුවට පහර දීමට ආරාධනා කළේය. ඒ ලකුණු 261ක වාසියක් ශ්‍රී ලාංකිකයන් සතු වෙද්දී ය. තරගය නතර කරන විට නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු දෙකක් දැවී ලකුණු 139ක් ලබා සිටිය හ.

අද දවසේ කැපී පෙනෙන ලකුණු ලාභියා වූයේ කුසල් මෙන්ඩිස් ය. ඔහු පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය. පුහුණු තරගයක දී තවත් ක්‍රීඩකයෙක්ට අවස්ථාව දීමේ අටියෙන් කුසල් ඉනිම හැර ගිය අතර පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි ධනංජය ද සිල්වා පන්දු 78කට මුහුණ දී ලකුණු 28ක් ලබා ගත්තේ ය.

හෝප් ප්‍රමුඛ කොදෙව්වන්ගේ බලාපොරොත්තු රහීම් විනාශ කර දමයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක …

දිනේෂ් චන්දිමාල්ට අද ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. ඔහු ඒ සඳහා පන්දු 18කට මුහුණ දුන්නේ ය. ඊට අමතරව රොෂේන් සිල්වා පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ය.  

ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන විට නිරෝෂන් දික්වැල්ල පන්දු 56කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටියේ ය. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 10ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී බ්ලේක් කොබුම් සහ පීටර් යංගස්බෑන්ඩ් කඩුලු 2 බැගින් බෙදා ගත් හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ නැවත වතාවක් සුපුරුදු රිද්මයට පැමිණුනි. ඔවුන්ගේ ඉනිමේ දී විලියම් ඕ ඩොනෙල් පන්දු 57ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව ඩේල් පිලිප්ස් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තේ ය. ඒ පන්දු 52කට මුහුණ දී හතරේ පහර 7ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

අමිල අපොන්සු කඩුලු 8ක් ලබා ගනිද්දී දේශාන්ගෙන් ශතකයක්

අමිල අපෝන්සුගේ වමත් දඟපන්දුවෙනුත්, දේශාන් ඩයස්ගේ ….

කඩුලු ලබා ගැනීමේ දී දී ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 210 (59): දිනේෂ් චන්දිමාල් 26, ඇන්ජලෝ මැතිව්ස් 128, මයිකල් සිනෙඩන් 2/29, පීටර් යංගස්බැන්ඩ් 2/25, බ්ලේක් කොබුම් 3/44

නවසීලන්ත ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 270 (82) විලියම් ඕ ඩොනෙල් 22, සන්දීප් පටෙල් 69, මයිකල් සිනෙඩන් 24, කේටන් ක්ලාක් 46, පීටර් යංගස්බෑන්ඩ් නොදැවී 31, මැක්ස් චු නොදැවී 33, ඩිල්රුවන් පෙරේරා 2/30, ලක්ෂාන් සඳකැන් 2/67

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 321 (80) ධනුෂ්ක ගුණතිලක 83, ලහිරු තිරිමාන්න 45, ධනංජය ද සිල්වා 28, කුසල් මෙන්ඩිස් 72, රොෂේන් සිල්වා 27, නිරෝෂන් දික්වැල්ල නොදැවී 43, බ්ලේක් කොබුම් 2/77, පීටර් යංගස්බෑන්ඩ් 2/48

නවසීලන්ත ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 139 (28.3) ඩීන් රොබින්සන් 26, විලියම් ඕ ඩොනල්ඩ් නොදැවී 52, ඩේල් පිලිප්ස් නොදැවී 39

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 15 වැනිදා වෙලිංටන් පිටියේ දී ආරම්භ වීමට නියමිත අතර එම තරගයේ මෙන් ම තරගාවලියේ තරග වාර්තා, එසැණ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්ව සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<