ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ අද (1) ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ දී සෑම අංශයකින්ම උපරිම ඵල ප්‍රයෝජන ලබාගත් බවක් පෙනෙන්නට විය.
දික්වැල්ලගේ අර්ධ ශතකය සමඟින් ලංකාව පෙරමුණේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන තෙදින පුහුණු තරගය පසුගිය 30 වැනිදා ආරම්භ වූ අතර එම තරගයේ දෙවන දිනය…
පසුගිය 30 වැනිදා ට්‍රිනිඩෑඩ්බ් හි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මේ තරගයේ දෙවන දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබාගෙන සිටියේය.
අද දිනය වෙනුවෙන් කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම ලකුණක් ලබා ගැනීමට පෙර ඔවුන්ගේ කඩුල්ලක් දවා ගැනීමට වේගපන්දු යවන ලහිරු කුමාර සමත් විය. ඔහුගේ පන්දුවක් හමුවේ ලකුණු 8*ක් ලබා සිටි දකුණතින් පිත්ත හසුරුවන ජොමෙල් වැරිකන් දැවී ගියේය.
අනතුරුව රාකීම් කෝර්න්වෝල් හා පිටියේ එක්වූ වමතින් පිත්ත හසුරුවන මිගුවෙල් කමින්ග්ස් දෙදෙනා ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත වෙමින් ලකුණු 47ක අගනා සබඳතාවයක් ගොඩනංවන ලදි. අවසානයේ එම සබඳතාවයට තිත තැබුවේ දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා වන අතර ඔහුගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදකට හසු වූ මිගුවෙල් කමින්ග්ස් දැවී ගියේ කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායමේ 9 වැනි කඩුල්ල වෙනුවෙනි.
අවසන් කඩුල්ලත් දිල්රුවන්ගේ නමට ඉදිරියෙන් සටහන් වූයේ කියොන් ජෝශප් වෙත යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් එකසේ සිය දස්කම් විදහා දැක්වීමට මේ පුහුණු තරගය ඉතාමත් හොඳ අවස්ථාවක් කර ගත් අතර අවසානයේ බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 272ක් පමණි.
කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම වෙනුවෙන් පසුපෙළ සවිමත් කළ රාකීම් කෝර්න්වෝල් නොදැවී ලකුණු 54*ක් ලබා ගත්තේ දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වෙමිනි.
පන්දු යැවීමේ දී අකිල දනංජය, දිල්රුවන් පෙරේරා හා ලහිරු කුමාර අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.
ලකුණු 156ක පළමු ඉනිමේ වාසියක් ද සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීමට පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන කුසල් ජනිත් හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 19ක් තුළ ලකුණු 95ක අගනා නොදැවුණු සබඳතාවයක් ගොඩනංවන ලදි. එම ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබාගත් වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 50ක් ලබා ගැනීමට පසුව සිය අංග චලන හරහා (Body Language) පාදය ආශ්‍රිතව යම් අපහසුතාවයක් පෙන්නුම් කළ නිසා ඔහු එතැන් සිට පිතිකරණයේ නිරත නොවීය.
ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ
වමතින් පිත්ත හසුරුවන ඩෙවෝන් ස්මිත් වසර 3කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා කැඳවා ඇත. ලබන මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ …
අනෙක් අන්තයෙන් කුසල් ජනිත් වෙත එතෙක් වේලාවක් සවියක් වූ දකුණතින් පිත්ත හසුරුවන කුසල් මෙන්ඩිස් 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 60*ක් ලබා ගන්නා ලදි. රොෂේන් සිල්වා ලකුණු 22*යි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ ආරම්භක පළමු නිල තරගය ලබන 6 වැනිදා පැවැත්වේ. එහි පෙර විමසුම, තරග වාර්තා හා උණුසුම් තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 428/10 (119.4): දිනේෂ් චන්දිමාල් 108, නිරෝෂන් දික්වැල්ල 74, කුසල් ජනිත් පෙරේරා 65, ඇන්ජලෝ මැතිව්ස් 41, අකිල දනංජය 30, ජොමෙල් වැරිකන් 4/81, රාකීම් කෝර්න්වෝල් 3/124.
බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිම – 272/10 (77): ජෝන් කැම්බල් 62, කිරාන් පවෙල් 60, රාකීම් කෝර්න්වෝල් 54*, අකිල දනංජය 3/43, ලහිරු කුමාර 3/37, දිල්රුවන් පෙරේරා 3/ .
ශ්‍රී ලංකා දෙවන ඉනිම – 135/0 (33): කුසල් මෙන්ඩිස් 60*, කුසල් ජනිත් 50*, රොෂේන් සිල්වා 22*.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















