නාය ගිය ඉනිම චන්දිමාල් හුදකලා සටනකින් ගොඩ දමයි

1723

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (14) නිමාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 253ට පිළිතුරු ලෙසින් බටහිර ඉන්දීය කොදෙව්වෝ කිසිවෙක් නොදැවී ලකුණු 2ක් ලබා සිටිය හ.

කොදෙව් ගිය ප්‍රබලයින් දෙදෙනෙක් නැවතත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්…

බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරු වූයේ නායක දිනේෂ් චන්දිමාල් ය. ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට ඔහු පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා සිටියේය.

ඔහු තම ටෙස්ට් තරග දිවියේ මේ රැස් කළේ 11 වැනි ශතකයයි.  මෙම ශතකය චන්දිමාල් විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එරට දී රැස් කරන ලද පළමු ශතකය වන අතර මීට ප්‍රථම 2015 වසරේ දී මෙරට දී කොදෙව්වන්ට එරෙහිව පළමු ශතකය ලබා ඇත.

චන්දිමාල් ලකුණු 14 දී දවා ගැනීමට කොදෙව්වන්ට තිබූ අවස්ථාව අහිමි කර ගැනීමෙන් එහි උපරිම වාසිය චන්දිමාල් විසින් නොගන්නට ශ්‍රී ලංකා ලකුණු පුවරුව මීට වඩා දුප්පත් වීමට ඉඩ තිබුණි. එම වටිනා අවස්ථාව ලබා දෙමින් ඒ වෙද්දී සිලිප් ස්ථානයේ පන්දු රැකි ඩෙවොන් ස්මිත්ට සියලු ශ්‍රී ලාංකිකයෝ ස්තූතිවන්ත විය යුතුය.  පන්දු යවමින් සිටියේ මිගෙල් කමින්ස් ය.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට මහේල උඩවත්ත සහ කසුන් රාජිත සමත් විය.

වෙනස්කම් හතරක් සහිත වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර තරගයට ක්‍රීඩා කළ, පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමෙන් ඉවත්ව දිවයිනට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් සහ ආබාධයක් හේතුවෙන් මෙරටට පැමිණි ලහිරු ගමගේ සේ ම රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කණ්ඩායමෙන් ඉවත් කර තිබුණි. ඒ වෙනුවට මහේල උඩවත්තට සහ දසුන් ශානකට ටෙස්ට් වරම් ලබා දෙමින් අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා ද කණ්ඩායමට කැඳවා තිබුණි. කොදෙව්වන් තම ජයග්‍රාහී කණ්ඩායම ම මෙම තරගයට සහභාගී කර තිබුණි.

මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක අශාන් බ. උතුරට ජයග්‍රහණය රැගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට උතුරු පළාත හා බස්නාහිර…

කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ කුසල් පෙරේරා සහ මහේල උඩවත්ත ය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව එකක් ව පවතිද්දී මහේල උඩවත්තට පිටියෙන් ඉවත් වීමට සිදු විය. තම මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගී වූ මහේලට කිසිදු ලකුණක් රැස්කර ගත නොහැකි වූ අතර මුහුණ දීමට හැකි වූයේ පන්දු දෙකකට පමණි.

උඩවත්තගේ දැවී යෑමෙන් අනතුරුව ධනංජය ද සිල්වා, කුසල්ට එක් වූවද ඔහුට ද වැඩි වේලා පිටියේ රැඳී සිටීමට ෂැනොන් ගේබ්‍රියෙල් ඉඩ තැබුවේ නැත. ඒ වෙද්දී ධනංජය රැස් කරගෙන සිටියේ ලකුණු 12ක් පමණි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 15ක්ව තිබූ අතර ලබා ගත් කඩුලු දෙකේම හිමිකාරිත්වය ෂැනොන් ගේබ්‍රියෙල් සතු විය.

දිවා විවේකයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ද අහිමි වූ අතර ඊට ගොදුරු වූයේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ය. ඔහු කෙමාර් රොච්ගේ පන්දුවකට ජේසන් හෝල්ඩර් අතට උඩ පන්දුවක් දී දැවී යන විට ලකුණු 32ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිම පන්දු 55කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 5ක් ඇතුලත් විය.

දිනයේ යැවුණ 24 වැනි පන්දු වාරය අවසානයේ දී දිවා විවේකය ලබා ගත් අතර ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 79ක්ව තිබුණි. පිටියේ ආරක්ෂාකාරීව සිටියේ කුසල් මෙන්ඩිස් (26) සහ දිනේෂ් චන්දිමාල් (08) ය.

සිව්වැනි කඩුල්ල සඳහා ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩ නැගීමට මෙන්ඩිස් සහ චන්දිමාල් යුගලය උත්සාහ කළ ද, එය ලකුණු 67 දී නිමා කිරීමට කොදෙව්වෝ සමත් වූහ. කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් ලබා සිටිය දී ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකට ෂේන් ඩොව්රිච් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගියේ පන්දු 83ක දී ලකුණු 45ක් ලබා සිටිය දී ය. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුලත්ව තිබුණි.

ඉන් අනතුරුව පිටියට පිවිසි ක්‍රීඩකයන් අතුරින් යම් තරමකින් හෝ පහරක් ගසා ඉනිම ගොඩ ගන්නට වෙහෙස වූයේ නිරෝෂන් දික්වැල්ල පමණි. තේ විවේකය වෙනුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 157ක් ව තිබූ අතර ඒ වෙද්දී චන්දිමාල් (53*) සහ දික්වැල්ල (05*) පිටියේ නොදැවී රැඳී සිටිය හ. ඊට ප්‍රථම දැවී ගිය පිතිකරු වූයේ රොෂේන් සිල්වා (06) ය.  

නිරෝෂන් දික්වැල්ල ද පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගනිමින් හය වැනි කඩුල්ල ලෙසින් දැවී ගිය අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට කොදෙව් පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

ඒ අනුව අකිල ධනංජය (02), සුරංග ලක්මාල් (10), කසුන් රාජිත (04) සහ ලහිරු කුමාර (00) තම ඉනිම් වේලාසනින් නිමා කර ගත්හ.

බංගලි ක්‍රීඩිකාවෝ ඉන්දියාවට නයි පෙන්වද්දී අපේ කෙල්ලන්ට වුන දේ

7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී බංගලි ක්‍රීඩිකාවෝ ඉන්දීය ක්‍රීඩිකාවන් පරාජය කරමින් එහි උද්දාමය උදෙසා සුපුරුදු නයි නර්තනයේ යෙදුණ ද තරගාවලියේ …

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ෂැනොන් ගෙබ්‍රියෙල් ලකුණු 59කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඔහු ටෙස්ට් තරගවල දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් තෙවැනි අවස්ථාවයි මේ. ඔහුට අමතරව ආරම්භ වේගපන්දු යවන්නා වූ කෙමර් රොච් ලකුණු 49කට කඩුලු 4ක් ලබා ගත්තේය. අනෙක් කඩුල්ලේ හිමිකාරිත්වය නායක ජේසන් හෝල්ඩර් සතු විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්වෝ පන්දුවාර 2ක් අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු දෙකක් ලබා සිටිය හ. ඒ වෙද්දී ආරම්භ පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි ක්‍රෙග් බාත්වෙයිට් (02) සහ ඩෙවොන් ස්මිත් (00) නොදැවී පිටියේ රැඳී සිටිය හ.

වර්ෂාව හේතුවෙන් දිනයේ පන්දුවාර 7ක් අහිමි වුන අතර තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (79.0) කුසල් පෙරේරා 32, කුසල් මෙන්ඩිස් 45, දිනේෂ් චන්දිමාල් නොදැවී 119, කෙමාර් රොච් 4/49, ෂැනොන් ගේබ්‍රියෙල් 5/59

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 02 (2.0)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<