නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟ තරගාවලියේ වැඩි ගෞරව අත්කර ගැනීම සඳහා සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමටත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමටත් හිමි දෙවැනි අවස්ථාව වූ එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (30) පැවති පළමු එක්දින තරගය අයහපත් කාලගුණය හරස්වීම හරහා විසඳුමකින් තොරව නිමාවට පත්විය.
ශ්‍රී ලංකා තරුණ එක්දින සංචිතය නිකුත් වේ; නායකත්වය නිපුන්ට
බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (30) ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් තරග වදින
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 208ක ඉලක්කයක් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම හමුවේ ලබා දුන්න ද අදාළ හඹා යෑමේ දී 14 වැනි පන්දුවාරයේ 2 වැනි පන්දු යැවීමත් සමඟ තරගයට වර්ෂාව හරස් විය. ඒ අවස්ථාව වන විටත් බංග්ලාදේශ පිල කඩුල්ලක් දැවී ලකුණු 66ක් ලබා සිටියේය.
ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එක්දින තරගයක විසඳුමක් ලබා ගැනීමට නම් දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කණ්ඩායම අවම වශයෙන් පන්දුවාර 20ක්වත් ක්‍රීඩා කළ යුතුව තිබීම අනිවාර්ය වුවත් මන්දාලෝකය මෙන්ම සිහින් පොද වැස්ස දිගින් දිගටම පැවතීම හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
වර්ෂාව කොයි මොහොතක හෝ පැමිණෙනු ඇතැයි යන අදහසින් යුතුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් පිතිකරුවන් අතරින් වේගවත් ආරම්භයක් ලබා දුන් ටැන්සිඩ් හසන් පන්දු 29ක දී ලකුණු 50ක් වාර්තා කළේ ඒ සඳහා අවශ්‍ය වේගය රඳවා ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබා දෙමිනි.
හයේ පහර 2කින් සහ හතරේ පහර 5කින් සමන්විත වූ ටැන්සිඩ්ගේ ඉනිම, පා දඟපන්දු යවන රවීන් ද සිල්වාගේ පන්දුවක් හමුවේ සොනාල් දිනූෂ රැක ගැනීමත් සමඟ නිමා විය. තරගය නිමා කරන විට නව්රෝස් නබිල් ලකුණු 15ක් ද හසන් ජෝයි එක් කඩුල්ලක් ලබා සිටිය හ.
එංගලන්තයට අභියෝගයක් වන ශ්‍රී ලංකා සභාපතිගේ සංචිතය නම් කරයි
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 6 වැනිදා ආරම්භ වේ
කාසියේ වාසිය හිමිවීමත් සමඟ පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ආරාධනා කිරීම බංග්ලාදේශ නායකයා ටවුහිඩ් රිඩෝයිගේ තීරණය විය. සත්කාරකයින්ව අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින් පහසු ඉලක්කයක් ලබා ගැනීම නායකයාගේ සැලසුම වූ අතර එය යථාර්ථයක් බවට පත්කළ බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස් කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දුන්නේ ලකුණු 207ක් පමණි.
ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ මුදිත ප්‍රේමදාස ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පළවෙනි පිතිකරුවා විය. ලකුණු 10ක්ව තිබිය දී ඔහු පිටියෙන් ඉවත් වුව ද දෙවැනි කඩුල්ලට නවෝද් පරණවිතානට එක්වූ නායක නිපුන් ධනංජය පන්දු 76ක දී ලකුණු 73ක් එක් කරමින් තරගකාරී ලකුණු සංඛ්‍යාවකට අවශ්‍ය අඩිතාලම එක් කළහ.
එහෙත් ඔවුන් දෙදෙනාම 18 වැනි පන්දුවාරය යැවූ රිතුන්ජෝයි චෞද්‍රිගේ සමත් වීම නිසා ශ්‍රී ලංකාව යළිත් අමාරුවේ වැටුණි.
මොහොමඩ් ශමාස් ද ලකුණු 05කට දැවී යෑම තරගයේ වැඩි වාසි බංග්ලාදේශ කණ්ඩායම සතු වන්නට උත්තේජකයක් විය. එහෙත් 6 වැනි කඩුල්ලට සඳහා සොනාල් දිනූෂට එක්වූ අවිශ්ක තරිඳු ලකුණු 51ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාවට යළිත් සැනසිල්ලක් ගෙන දුන්නේය. පන්දු 83ක දී වාර්තා වූ එම සම්බන්ධතාවට තරිඳුගේ දායකත්වය ලකුණු 23කි. එමෙන්ම රවීන් ද සිල්වා සමඟ හත්වැනි කඩුල්ල සඳහා ගොඩ නැගුණු ලකුණු 36ක සම්බන්ධතාව ද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් විය.
ශ්‍රී ලංකා කඳවුරෙන් වාර්තා වූ එකම අර්ධ ශතකයට හිමිකම් කීමට සොනාල් දිනූෂ සමත් විය. බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ ප්‍රබල ග්‍රහණය හමුවේ පිති හැසිර වූ සොනාල් අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි අතර ශොරිෆුල් ස්ලාම්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලකුණු 59ක් ලබා සිටියේය. රිසිසේ පන්දුවට පහර දෙමින් මුහුණ දුන් 53 වැනි පන්දුවේ දී අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට දිනූෂ සමත්වූ නමුත්, අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් පිතිකරුවන් අසාර්ථකත්වයට පත්වීම නිසා අනපේක්ෂිත පීඩනයකට මුහුණ දීමට ඔහුට සිදු විය.
පාකිස්තානය 3-0කින් ඕස්ට්‍රේලියාව පරාජය කරයි
පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0කින් ජයග්‍රහණය
එහි දී ලකුණු ලබා ගැනීම වෙනුවට දිනූෂට සිදු වූයේ තම අන්තය ආරක්ෂා කර ගැනීමටය. හතරේ පහර 4කින් සමන්විතව 53 වැනි පන්දුවේ අර්ධ ශතකය රැස් කරගත් දිනූෂ ඉතිරි ලකුණු 9 ලබා ගැනීම සඳහා පන්දු 38කට මුහුණ දීම ඒ සඳහා වන හොඳම උදාහරණය බවට පත්විය. ශොරිෆුල් ස්ලාම්ගේ පන්දුවක් හමුවේ ශමීම් පට්වාරි අතට උඩ පන්දුවක් දී දිනූෂ දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය 7 වැනි පිතිකරුවා ලෙසිනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලද පිතිකරුවන් සිව්දෙනාගෙන් පසු වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිව තිබුණේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම විසින් ලබා දුන් අතිරේක ලකුණු ය. 24ක් ලෙසින් එම අතිරේක ලකුණු සංඛ්‍යාව වාර්තා නොවන්නට ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාව ඉක්මවාලීමට නොහැකි වනු ඇත. පන්දු යැවීමෙන් සාර්ථක වුණු රිතුන්ජෝයි චෞද්‍රි ලකුණු 46කට කඩුලු 4ක් දවා ගනිමින් බංග්ලාදේශ ඉනිමේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වද්දී රකිබුල් හසන් ලකුණු 25කට කඩුලු 2ක් ද ශොරිෆුල් ස්ලාම් ලකුණු 50කට කඩුලු 2ක් ද බිඳ හෙලූහ.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ලබන නොවැම්බර් 01 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 50ක දී කඩුලු 9ක් දැවී ලකුණු 207 – සොනාල් දිනූෂ 59, නවෝද් පරණවිතාන 33, නිපුන් ධනංජය 32, අවිෂ්ක තරිඳු 23, රවීන් ද සිල්වා 16, රිත්න්ජෝයි චෞද්‍රි 46/4, ශොරිෆුල් ස්ලාම් 50/2, රකිබුල් හසන් 25/2, ශහීන් අලාම් 38/1
බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 13.2ක දී එක් කඩුල්ලක් දැවී ලකුණු 66 – ටැන්සිඩ් හසන් 50, නව්රෝස් නබිල් (නොදැවී) 15, හසන් ජෝයි (නොදැවී) 01, රවීන් ද සිල්වා 01/1
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















