බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (31) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය චිතගොන් හිදී පැවැත්වෙනු ඇත. මේ එම තරගාවලියට පෙර විමසුමයි.
[rev_slider LOLC]
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ පරාජය කරමින් ලකුණු 79ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකකින් සමන්විත ය.
ශ්‍රී ලංකාව කළු වළාවන් මත රිදී රේඛා ද ඇති බැව් සපථ කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙත පතිත වී ඇති කළු වළාවන් පළවා හැරීමේ වසරක් ආරම්භ කරමින්..
මුහුණට මුහුණ
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 18ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 15ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී බංග්ලාදේශ කණ්ඩායම එක් තරගයක් ජයග්‍රහණය කර ඇත. තවද එයින් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. තවද බංග්ලාදේශය තුළ දී ශ්‍රී ලංකාවට එරෙහිව එකඳු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට බංග්ලාදේශය සමත්ව නැත.
ප්‍රහාරාත්මක තරු
දිමුත් කරුණාරත්න

තමීම් ඉක්බාල්

තමීම්ගේ එම ලකුණු අතරට ශතක 8ක් හා අර්ධ ශතක 4ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාවත් ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස මොහුව හැඳින්වීමට හැකි ය. තවද ශ්‍රී ලංකාවට එදිරිව ලකුණු 30කට ආසන්න සාමාන්‍යයක් රඳවා ගැනීමට ඉක්බාල්ට හැකිව ඇත.
දිනේෂ් චන්දිමාල්

මුශ්ෆිකර් රහීම්

ප්‍රබල පන්දු යවන්නන්
සුරංග ලක්මාල්

මෙහෙදි හසන්

රංගන හේරත්

මස්ටෆයිසුර් රහමාන්

චමීර සහ අකිලට IPL වරම්; මාලිංග ඉවතට
2018 අයි. පී. එල්. තරගය සඳහා ක්‍රීඩකයින් තෝරා ගත් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (28) නිමාවට පත්විය…
චිතගොන් තණතීරුව පිටිය හා කාලගුණ තත්ත්වය
ප්‍රේක්ෂකයින් 22,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස මෙම ක්‍රීඩා පිටිය සැලසුම් කර ඇත.
2014 වර්ෂයේ පෙබරවාරි මාසයට පසුව මෙම පිටියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මෙහි තණතීරු මත ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟින් ටෙස්ට් තරග තුනකට සහභාගි වී ඉන් තරග දෙකක් ජයග්‍රහණය කර ඇත. යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, පළමු ටෙස්ට් තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 11 – 16 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 17°C – 25°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
ඩකා තණතීරුව පිටිය හා කාලගුණ තත්වය
ප්‍රේක්ෂකයින් 25,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ දී 2017 වර්ෂයේ අගෝස්තු මාසයට පසුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණය පිරික්සා බැලූ විට, මෙම තරගයේ තරගාවලිය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 6 – 20 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 17°C – 28°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
ලෝක කුසලානයට පෙර ලසිත් මාලිංග සමුගනියි ද…?
2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයෙකු ලෙස..
වර්තමාන තත්ත්වය
ශ්‍රී ලංකා කණ්ඩායම දැනට බංග්ලාදේශ කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, බංග්ලාදේශය දැනට (ජනවාරි 29) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 1651ක් ලබාගෙන සිටින්නේ, ප්‍රසාද ලකුණු 72ක් ලබා ගෙනයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4058ක් හා ප්‍රසාද ලකුණු 94ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
තරග ඉතිහාසය පිරික්සා බලන කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ ශූරතාවය ලබා ගැනීමට වැඩි ඉඩකඩක් තිබුනත්, තරගාවලිය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු අවිනිශ්චිතතාවයම මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි.
අපේක්ෂිත සංචිත
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), රංගන හේරත්, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොශේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, ලහිරු ගමගේ, ලහිරු කුමාර, දුශ්මන්ත චමීර, අකිල ධනංජය.
බංග්ලාදේශ ටෙස්ට් සංචිතය (පළමු තරගයට) – මහමදුල්ලා (නායක), මුශ්ෆිකර් රහීම්, තමීම් ඉක්බාල්, ඉම්රුල් කයිස්, මොමිනුල් හක්, මොස්දක් හුසේන්, මස්ටෆයිසුර් රහමාන්, රුබෙල් හුසේන්, මෙහෙදි හසන්, සුන්සාමුල් ඉස්ලාම්, අබ්දුර් රසාක්, ලිට්න් ඩාස්, ටන්බීර් හයිඩර්, කම්රුල් ඉස්ලාම්, ටයිජුල් ඉස්ලාම්, නයීම් හසන්.
තරග කාලසටහන
- පළමු ටෙස්ට් තරගය – ජනවාරි 31 – පෙබරවාරි 4 චිතගොන් පිටියේ දී (උදෑසන 9 සිට)
- දෙවන ටෙස්ට් තරගය – පෙබරවාරි 8 – පෙබරවාරි 12 ඩකා පිටියේ දී (උදෑසන 9 සිට)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















