ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පොඩ්ඩෝ වැඩ පෙන්වති

2248

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එකම දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද (13) කොළඹ NCC පිටියේ දී ක්‍රියාත්මක විය.

ඉන්දියාවට එරෙහි වන යොවුන් කණ්ඩායමේ බර නිපුන්ට

එළඹෙන 17 වැනිදා ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ…

තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබාගෙන සිටියි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක කමිල් මිශාර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ නායක මිශාර හා අශේන් ප්‍රනාන්දු පන්දුවාර 10ක් තුල ලකුණු 40ක තරමක් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. දකුණතින් පිත්ත ක්‍රියාත්මක කළ අශේන් ප්‍රනාන්දු ලකුණු 15කට දැවී ගියේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සබඳතාවයට තිත තබමිනි.

අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණි කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මුදිත ප්‍රේමදාස තරගයේ 12 වැනි පන්දුවාරයේ දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් සමත් විය. 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 40ක් ලබාගත් නායක කමිල් මිශාර ලකුණු 40කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම යම් අසීරු අඩියකට ඇඳගෙන යමිනි. ලකුණු 5ක් ලබා  සිටි කෙවින් පෙරේරා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස ඉක්මනින්ම දැවී යාම නිසා එම අසීරුතාවය තවදුරටත් ශ්‍රී ලංකාවට අවාසියක් බවට පෙරලෙන ලදි.

ඉන්දියාව පරාජය කරන්නට සැරසෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ශූරයෝ

2018 වසරේ පැවති දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට්…

කෙසේ නමුත් සොනල් දිනූශ හා කළිඳු චිහාන් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් 5 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 85ක සාර්ථක සබඳතාවය නිසා ශ්‍රී කණ්ඩායමේ ලකුණු සටහන ලකුණු 219ක් දක්වා වර්ධනය විය. එය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් විශාල අස්වැසිල්ලක් බවට පත්විය. සොනල් දිනූෂ හා කළිඳු චිහාන් යන දෙදෙනාගේම ඉනිම් අර්ධ ශතකවලින් වර්ණවත් වෙද්දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 50ක් හා ලකුණු 60ක් වාර්තා කළහ.

තේ විවේකයෙන් පසුව මිනිත්තු කිහිපයක් සඳහා තරගය නතර වූයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙනි. සොනාල් දිනූෂ හා කළිඳු චිහාන් 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. පළමු දිනය සඳහා තරගය නතර කරන විට ලක්ෂාන් ගමගේ හා මහීෂ තීක්ෂණ නොදැවී ලකුණු 15* බැගින් ලබාගෙන සිටියි.

පන්දු යැවීමේ දී ඉන්දීය යොවුන් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ආකාශ් පාණ්ඩ්‍යා ලකුණු 12කට කඩුලු 3යි.

තරගයේ දෙවන දිනය හෙට (14) පැවැත්වේ.

ශ්‍රී ලංකා 19න් පහළ සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිම – 253/7 (88): කළිඳු චිහාන් 61, සොනාල් දිනූෂ 50*, කමිල් මිශාර 40, ආකාශ් පාණ්ඩ්‍යා 3/12.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<