අනීතා, අයේෂා සහ අජිත් තායිලන්තට

213

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය ජුනි මස 12 වන දා සිට 15 වන දා දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තායිලන්තයට

2 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය මැයි මස 20 වන දින සිට 23 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත අතර එයට සහභාගී වීමට නියමිත…

තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත කණ්ඩායම ක්‍රීඩකයින් 04 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 04 දෙනෙකුගෙන් සමත්විත වේ. ඒ අතරින් තිදෙනෙක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගී වන්නේ ප්‍රථම වරටයි.

ශ්‍රී ලංකාවේ නැගී එන මලල ක්‍රීඩිකාවක් වන 21 හැවිරිදි අනිතා ජෙගතීශ්වරන් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායමට තෝරා ගෙන ඇති අතර මෙය ඇය සහභාගී වන පළමු ජාත්‍යන්තර සංචාරය යි. රිටි පැනීමේ කාන්තා ජාතික වාර්තාවට හිමිකම් කියන ඇය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා සිය උපරිම දක්ෂතා අතරට පැමිණෙමින් ක්‍රීඩා කරන්නට සමත් වී ඇත. තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වගකීම පැවරී ඇත්තේ අනිතාගේ පුහුණුකරු වන සී. සුභාෂ්කරන් ටයි.

කාන්තා මිටිය විසි කිරීමේ තරග අංශයේ ජාතික වාර්තාවට හිමිකම් කියන අයේෂා මධුවන්තිට ද ප්‍රථම වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ තරගාවලියකට සහභාගී වීමේ වරම් මෙම තරගාවලියේ දී හිමි වනු ඇත. එමෙන්ම කාන්තා මිටිය විසි කිරීමේ ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක් සඳහා තෝරා ගෙන ඇත්තේ ද පළමු වරටයි. මෑත දී පැවති තරගාවලිවල දී ඇය විසින් මිටිය විසි කිරීමේ ජාතික වාර්තාව සිව් වරක් බිඳ දැමීමට සමත් වූ අතර ඇයට මෙම තරගාවලිය හොඳ අත්දැකීමක් වනු නොඅනුමානය.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගාවලියේ දී ජාත්‍යන්තර වරම් දිනා ගන්නා අනෙක් ක්‍රීඩකයා වන්නේ දසප්‍රයාම ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන අජිත් කරුණාතිලක යි. ජාත්‍යන්තර තලය තුළ දසප්‍රයාම තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩකයෙකුගේ අඩුවක් දිගු කලක සිට පැවති අතර එම අඩුව පිරවීමට අජිත් සමත් වී ඇත. ඔහු දසප්‍රයාම ඉසව්වේ දී මුළු ලකුණු 6837ක් වාර්තා කරමින් එම ඉසව්වේ ජාතික වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වූ අතර තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී ද සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් ජාත්‍යන්තර තලය තුළ ද තම නාමය සනිටුහන් කිරීමේ අපේක්ෂාවෙන් ඔහු තරගාවලියට සහභාගී වනු ඇත.

තරගාවලිය සඳහා සහභාගී වන අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්

විදූෂා ලක්ෂානි – තුන් පිම්ම
නිලානි රත්නායක – මීටර 3000
සම්පත් රණසිංහ – හෙල්ල විසිකිරීම
ධනුක ලියනපතිරණ – දුර පැනීම
කාලිංග කුමාරගේ – මීටර 400

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට