Home Sinhala පාකිස්තානය පූර්ණ තරගාවලි ජයක් කරා!

පාකිස්තානය පූර්ණ තරගාවලි ජයක් කරා!

Pakistan Tour Of Sri Lanka 2025

72

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තෙවැනි තරගයෙන් ද පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (16) සිදු වුනා. 

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය ලෙස ඊයේ මෙම තරගය ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය පාකිස්තානය සතු වුනා. 

මෙම තරගයට ශ්‍රී ලංකා නායක චරිත් අසලංකවනිඳු හසරංග මෙන්ම අසිත ප්‍රනාන්දු ද ක්‍රීඩා නොකළ අතර, ඒ වෙනුවට ජෙෆ්‍රි වැන්ඩසේමහීෂ් තීක්ෂණ සහ පවන් රත්නායක කණ්ඩායමට එක් වුනා. 

මෙහි දී පාකිස්තානයේ ආරාධනයෙන් යුතුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණු අතර, සුපුරුදු පරිදි කමිල් මිශාර සහ පැතුම් නිස්සංක ඉනිම ආරම්භ කළා. මෙහි දී ඔවුන් දෙදෙනා නැවතත් ලකුණු 50 ඉක්මවූ සබඳතාවක් සමඟ හොඳ ආරම්භයක් ලබා ගත්තත්, එය ඉදිරියට රැගෙන යාමට සමත් වුනේ නැහැ. මෙහි දී පැතුම් ලකුණු 24ක් ලබා ගත් අතර, කමිල් ලකුණු 29ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව නායක කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම විසින් නැවතත් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම වෙනුවෙන් සැලකිය යුතු අන්දමේ ආරම්භයක් ලබා ගත්තා. කෙසේ වෙතත් මෙම තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තිබූ ගැටලුවක් වූ දීර්ඝ ඉනිම් ක්‍රීඩා කිරීමට නොහැකි වීම මෙම තරගයට ද අදාළ වුනා. කුසල් ලකුණු 34ක් ලබා ගන්නා අතරේ සදීර විසින් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඔවුන් පෙර තරගයේ සාර්ථක වූ කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ මෙවර අසාර්ථක වීම මත ශ්‍රී ලංකා ඉනිම දරුණු බිඳ වැටීමකට ලක් වුනා. මෙහි දී සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ පවන් රත්නායක මෙම දියාරු ඉනිම නැවත ශක්තිමත් කිරීමට සිය උපරිම උත්සාහය යෙදවූ අතර, පන්දු 37කින් ලකුණු 32ක් ලබමින් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. 

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45 පන්දු 2ක් තුළ සියල්ලන් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 211ක් පමණයි. පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Mohammad Wasim කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. 

මින් පසුව ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 212ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායම පිටියට අවතීර්ණ වුනා. මෙහි දී පාකිස්තානය වෙනුවෙන් Fakhar Zaman සහ Haseebullah Khan ඉනිම ආරම්භ කළා. කෙසේ වෙතත් Haseebullah Khan ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව Babar Azam පිටියට අවතීර්ණ වුනා. Babar ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගෙන් පසුව Mohammad Rizwan කඩුල්ලට අවතීර්ණ වුනා. මේ අතරවාරයේ Fakhar Zaman පාකිස්තාන ඉනිමට අවශ්‍ය අඩිතාලම සකසා දෙමින් පන්දු 45ක් තුළ ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතරවාරයේ දී වනිඳු වෙනුවට කණ්ඩායමට ඇතුළු වූ ජෙෆ්‍රි වැන්ඩසේ විසින් පාකිස්තාන ඉනිමේ කඩුලු තුනක් දවා ගැනීමට සමත් වීම නිසා එක් වරම පාකිස්තාන ඉනිම ලකුණු 115ට කඩුලු 4ක් ලෙස සටහන් වුනා. කෙසේ වෙතත් මේ මොහොතේ Mohammad Rizwan සමඟ කඩුල්ලේ එක් වූ Hussain Talat ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක් එක් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා. 

මෙහි දී Hussain Talat ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර, Mohammad Rizwan ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුනා. 

මේ අනුව පාකිස්තානයට තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් හිමි වූ අතර, තරගයේ වීරයා ලෙස Mohammad Wasim සම්මාන දිනාගත්තාඑමෙන්ම මේත් සමඟම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තානය සමත් වුනා. 

මින් පසුව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන තුන් කොන් විස්සයි විස්ස තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (20) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, එමෙන්ම තරගාවලියේ සියලු තරග ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result
Pakistan
215/4 (44.4)
Sri Lanka
211/10 (45.2)
Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Haris Rauf 24 27 4 0 88.89
Kamil Mishara  c Haseebullah Khan b Mohammad Wasim Jnr 29 30 5 0 96.67
Kusal Mendis b Mohammad Wasim Jnr 34 54 3 0 62.96
Sadeera Samarawickrama b Faisal Akram 48 65 2 0 73.85
Kamindu Mendis c & b Faisal Akram 10 9 2 0 111.11
Janith Liyanage  b Faheem Ashraf 4 13 0 0 30.77
Pavan Rathnayake run out (Saim Ayub) 32 37 2 1 86.49
Maheesh Theekshana lbw b Shaheen Shah Afridi 7 14 0 0 50.00
Jeffery Vandersay b Mohammad Wasim Jnr 4 12 0 0 33.33
Pramod Madushan c Haseebullah Khan b Haris Rauf 7 11 1 0 63.64
Eshan Malinga not out 0 1 0 0 0.00
Extras 12 (b 2 , lb 3 , nb 1, w 6, pen 0)
Total 211/10 (45.2 Overs, RR: 4.65)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 7.2 1 36 1 5.00
Faheem Ashraf 9 0 43 1 4.78
Haris Rauf 9 1 38 2 4.22
Mohammad Wasim Jnr 10 0 47 3 4.70
Faisal Akram 10 0 42 2 4.20

Batsmen R B 4s 6s SR
Fakhar Zaman c Kamindu Mendis b Jeffery Vandersay 55 45 8 0 122.22
Haseebullah Khan c Eshan Malinga b Mahesh Theekshana 0 12 0 0 0.00
Babar Azam b Jeffery Vandersay 34 52 4 0 65.38
Mohammad Rizwan not out 61 92 4 0 66.30
Agha Salman lbw b Jeffery Vandersay 6 11 0 0 54.55
Hussain Talat  not out 42 57 1 0 73.68
Extras 17 (b 5 , lb 2 , nb 1, w 9, pen 0)
Total 215/4 (44.4 Overs, RR: 4.81)
Bowling O M R W Econ
Pramod Madushan 10 0 56 0 5.60
Maheesh Theekshana 9.4 1 37 1 3.94
Eshan Malinga 8 0 44 0 5.50
Janith Liyanage  5 1 22 0 4.40
Jeffery Vandersay 10 0 42 3 4.20
Kamindu Mendis 2 0 7 0 3.50