ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක හට හිමි වී ඇති අතර, කලකට පසු හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානකට ද සංචිතයේ ඉඩ වෙන් වී තිබීම විශේෂත්වයක්.
දසුන් විසින් භානුක රාජපක්ෂගේ ස්ථානය ඩැහැ ගෙන ඇති අතර, මීට අමතරව චාමික කරුණාරත්න සහ එශාන් මාලිංග ද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා. ඔවුන් විසින් චමිඳු වික්‍රමසිංහ සහ අසිත ප්‍රනාන්දුගේ හිස් තැන් පුරවනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
-
නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය;
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ එශාන් මාලිංග
එළඹෙන 10 වැනි දා පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගයෙන් අනතුරුව, දෙවැනි තරගය 13 වැනි දා දඹුල්ලේ දී ද තෙවැනි තරගය එළඹෙන 16 වැනි දා කොළඹ දී ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<