ආසියානු කාන්තා නැගී එන කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Women's Asia Cup Rising Starts 2026

114
Women's Asia Cup Rising Starts 2026

2026 ආසියානු කාන්තා නැගී එන කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය අනුශ්කා සංජීවනී හට හිමි වී ඇති අතර, උප නායිකාව ලෙස හන්සිමා කරුණාරත්න නම් කර තිබෙනවා.

කණ්ඩායම් 08ක් තරග වදින මෙම විස්සයි විස්ස තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාවට බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය මුණ ගැසීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

 

අනුශ්කා සංජීවනී (නායිකා), හන්සිමා කරුණාරත්න, ශයනි සේනාරත්න, චේතනා විමුක්ති, සත්‍යා සංදීපනී, සචිනි නිසංසලා, රශ්මි සිල්වා, අමා කාංචනා, මිතලි අයෝධ්‍යා, ශෂිනි ගිම්හානි, මල්ෂා ශෙහානි, සංජනා කාවින්දි, ලිහිනි අප්සරා, නෙත්මි සේනාරත්න සහ යසන්ති හේරත්

මෙම තරගාවලිය එළඹෙන පෙබරවාරි 11 සිට 22 දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<