කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ලුම්බිණි විද්‍යාලය පෙරමුණේ

තණතිල්ල මැද දී දෙපිළේම නායකයින් දෙදෙනා අතරින් ඉහළ නැගුණු කාසිය බණ්ඩාරනායක විද්‍යාලයට වාසිය හිමි කර දෙමින් පෙරලී යද්දී ඔවුන්ගේ තීරණය බවට පත්වූයේ ප්‍රථමයෙන් පන්දු යවමින් ප්‍රතිවාදී ලුම්බිණි විද්‍යාලය අඩු ලකුණකට සීමා කිරීමයි. නමුත් එම අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඉඩ නොදුන් ලුම්බිණි විද්‍යාලයීය පිතිකරුවන් ලකුණු 247ක් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට සමත් වූහ.
කොළඹ ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 57.4): කවීන් පීරිස් 80, අමිත දාබරේ 30, රවිඳු සංජීව 29, කණිෂ්ක මධුවන්ත 21, හිමත් හංසන 3/57, ජනිඳු ජයවර්ධන 3/62.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 52 (පන්දුවාර 11.1): පසිඳු නදුන් 3/37.
සම්පූර්ණ ලිපිය: නීල හරිත සටනේ මුල් දිනයේ වාසිය ලුම්බිණි විද්‍යාලයට
ත්‍රිත්වයෝ තෝමසුවන් පරාජය කරයි

ප්‍රථම අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 19 – 00 සාන්ත තෝමස් විද්‍යාලය
අවසන් ලකුණු: ත්‍රිත්ව විද්‍යාලය 29 (5T 2C) – 14 (2T 2C) සාන්ත තෝමස් විද්‍යාලය
ThePapare.com තරගයේ ක්‍රීඩකයා: දිලුක්ෂ දංගේ
ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්
ත්‍රිත්ව
- උත්සාහක දිනුම්: අවිශ්ක ශෙයික්. අමිත් කුලතුංග, ලෂේන් විජේසූරිය. අකිත් සකලසූරිය
- ප්‍රවර්තන: ලෂේන් විජේසූරිය
සාන්ත තෝමස්
- උත්සාහක දිනුම්: හාන්ස් වල්පොල, මයෝන් ජයවර්ධන
- ප්‍රවර්තන: ඩියොන් ඩයස් (2)






















