කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ජයතිලක ආර්යා කුසලානය ජෝසප්වරුන්ට

එහිදි ජයතිලක ආර්යා කුසලානයේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් 26-12ක් ලෙස සාන්ත තෝමස් ක්‍රීඩකයින් පරාජය කරමින් කුසලානයට හිමිකම් කියන ලදී.
සාන්ත පීතර සහ සහිරා විද්‍යාලය අතර තරගයේ ප්‍රථම අර්ධය නිමාවන විට 12-09ක් ලෙස පීතරයින් ඉදිරියෙන් සිටි අතර තරගය නිමාවන විට සම්පූර්ණ ලකුණු තත්වය 43-16ක් ලෙස සටහන් විය.
ත්‍රිත්ව විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති තරගයේ දී ප්‍රබල ඉසිපතන ක්‍රීඩකයින් ප්‍රථම අර්ධයේ සිටම මෙල්ල කරන්නට ත්‍රිත්වයින් සමත් වූ අතර තරගය නිමා වූයේ 15-10ක් ලෙස ත්‍රිත්වයින් ඉදිරියෙන් තබමිනි.
අවසන් තරගය පැවතියේ රාජකීය විද්‍යාලය සහ වෙසල් විදුහල අතරයි. එම තරගයෙන් 19-35ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට රාජකීයයන් සමත් විය. ThePapare.com තරගයේ වීරයා ඔවින් ඇස්කි.
සම්පූර්ණ වාර්තාව: බ්‍රැඩ්බි පළමු අදියර, ලීග් ශූරතා තරගයයි !
අවසන් සටන යුද හමුදාව සහ ජාවා ලේන් අතර

සම්පූර්ණ වාර්තාව: යුද හමුදාව සහ ජාවා ලේන් අවසන් මහා තරගයට
ආරම්භයේ දී ම අභියෝගයක්

එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා චීන තායිපේ කාන්තා කණ්ඩායම අතර අද (13) පැවැත්වූ මූලික වටයේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-0ක් (25-15, 25-14, 25-10) ලෙස පරාජයට පත්විය.
සම්පූර්ණ වාර්තාව: ආරම්භක තරගයේදීම ශ්‍රී ලංකාවට වැඩ වරදියි
ශ්‍රී ලංකාවට සිව්වැනි තැන

ශ්‍රී ලංකාව සහ හොං කොං කණ්ඩායම අතර පැවති කාණ්ඩ වටයේ තරගය ලකුණු 60-45ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් ඔවුන් මෙහි දී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් වටයේ දී සිංගප්පූරු කණ්ඩායම හමුවේ ද පරාජයට පත්විය.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට හතර; සිංගප්පූරුව එකට






















