කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
රග්බි සංචිතය නම් කරයි

තරගාවලිය අප්‍රේල් මස 7 වැනි දා සිට 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.
හිටපු නායක ෆාසිල් මරීජා, අනුරුද්ධ විල්වර සහ අනුරාධ හේරත් මෙම සංචිතයට අලුතින් එක්වී ඇත්තේ පසුගිය දා නිමා වුනු බෝර්නියෝ සත්සාමාජික තරගාවලියේ දී ආබාධ වලට ලක් වූ ඔමල්ක ගුණරත්න, රීසා රෆයිඩීන් සහ කවින්දු පෙරේරා යන ක්‍රීඩකයින් වෙනුවෙනුයි.
සම්පූර්ණ සංචිතය: ධනුෂ්ක රන්ජන් (C), ෆසීල් මරිජා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, දනුෂ් දයාන්, ජේසන් දිසානායක, සුහිරු ඇන්තනි, රිචඩ් ධර්මපාල, අනුරුද්ධ විල්වර, සුදර්ශන මුතුතන්ත්‍රි, කෙවින් ඩික්සන්, සාලිය හඳපාන්ගොඩ, අනුරාධා හේරත්
ක්‍රිකට් –
කපුගෙදරගෙන් ශතකයක්

මහනුවර – කඩුලු 7ක් දැවී ලකුණු 273 (පන්දුවාර 50): චාමර කපුගෙදර 100*, සචිත්‍ර සේනානායක 53*, ඕෂධ ප්‍රනාන්දු 36, ශම්මු අශාන් 24, ජීවන් මෙන්ඩිස් 3/17, දුලාංජන මෙන්ඩිස් 2/38.
යාපනය – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 27.4): රමිත් රඹුක්වැල්ල 47, මනෝජ් සරත්චන්ද්‍ර 27, තරංග පරණවිතාන 24, තිලකරත්න ඩිල්ශාන් 17, කසුන් මධුශංක 3/45, සචිත්‍ර සේනානායක 2/26, ජෙෆ්රි වැන්ඩර්සේ 2/29.
කොළඹ – සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 46.2): මාධව වර්ණපුර 86, ලසිත් අබේරත්න 47, ළහිරු මධුශංක 24, ළහිරු කුමාර 4/21, දුශ්මන්ත චමීර 3/48, මාලිංග අමරසිංහ 2/29.
මාතර – කඩුලු 5ක් දැවී ලකුණු 106 (පන්දුවාර 20): සඳුන් වීරක්කොඩි 51, ෆර්වීස් මහරූෆ් 25, විශ්ව ප්‍රනාන්දු 2/18, අශාන් ප්‍රියන්ජන් 2/21.
සම්පූර්ණ තරග වාර්තාව: මහනුවර අවසන් පූර්ව වටයට ගෙන ගිය කපුගෙදරගේ ශතකය
නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වේ

සම්පූර්ණ වාර්තාව: ලක් යෞවනයන්ගෙන් ප්‍රබල ජපානයට සටනක්






















