කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
අන්තර් පළාත් තරග 3ක් නිමයි

ඊයේ දිනය තුල පන්දු යැවීමෙන් ලහිරු සමරකෝන් වැඩි දස්කම් දක්වද්දී පිතිකරණයෙන් සංජික රිද්ම, දිනෙත් තිමෝද්‍ය යන ක්‍රීඩකයින් වැඩි දස්කම් දැක්වීමට සමත් විය.
උතුරු පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී 93 (25.4): රාජු කජානාත් 28*, රිසිත් උපමාල් 22, මොහොමඩ් ශිරාස් 6/40, ලහිරු සමරකෝන් 3/22
මධ්‍යම පළාත පළමු ඉනිම – 368/7 dec (58.4): රොන් චන්ද්‍රගුප්ත 137, වනිඳු හසරංග 67, නුවනිඳු ප්‍රනාන්දු 53*, ඩිලාන් නයනජිත් 40, නිමේෂ් ගුණසිංහ 26, තිලාන් නිමේෂ් 2/75.
උතුරු පළාත් දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 108 (30.2): වී.ජතුශන් 23*, ලහිරු සමරකෝන් 5/22, ලක්ෂාන් ප්‍රනාන්දු 2/13.
බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම – සියල්ලන්ම දැවී 117 (41.4): මින්හාජ් ජලීල් 36, මාධව නිමේෂ් 27*, මලිඳු මදුරංග 24, අදීශ තිලංචන 5/23, චරිත් අසලංක 2/29, තිලංග උදේශන 2/44.
දකුණු පළාත පළමු ඉනිම – 243/2 dec (45): සිතාර ගිම්හාන 101*, චරිත් අසලංක 100, මිශේන් සිල්වා 2/39.
බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 228 (66.2): මලිඳු මදුරංග 87, සඳකැන් පතිරණ 43, මාධව නිමේෂ් 37, මලිත් මහේල 4/61, තිසර භානුක 2/44.
දකුණු පළාත් දෙවන ඉනිම – කඩුලු 3ක් දැවී 103 (17.5): චරිත් අසලංක 55, ලසිත් ලක්ෂාන් 21, පසිඳු ඉසිර 20*, මිශේන් සිල්වා 2/16.
සම්පූර්ණ ලකුණු වාර්තාව: මධ්‍යම හා දකුණු පළාතට ජය
සභාපති කණ්ඩායමේ වගකීම් තිරිමාන්නට

සංචිතය ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි නායකත්වය දීප්තිමත් වමත් පිතිකරුවෙකු වන ලහිරු තිරිමාන්න හට පැවරී ඇත. මෙම සංචිතය සඳහා පිතිකරුවන් 8 දෙනෙකු ඇතුළත් අතර, වේගපන්දු යවන්නන් සිව්දෙනෙකු හා දඟපන්දු යවන්නන් දෙනෙකු ද සංචිතයට ඇතුළත්ය. තිරිමාන්න අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළේ පසුගිය වර්ෂයේ ජුනි මාසයේ දී පැවැත්වූ එංගලන්ත සංචාරයේ දී ය. යොවුන් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි කඩුලු රකින්නා ලෙස මෙම සංචිතයේ ක්‍රීඩා කරයි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල ලෙස ධනුෂ්ක ගුණතිලක හා කෞෂාල් සිල්වා කටයුතු කරයි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පිලේ නායකත්වය ලහිරු තිරිමාන්නට





















