කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
දෙවැනි දිනය නිමාවේ දී මීගමුව ඉදිරියෙන්

තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බදුරලිය ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 130ක් ලබාගෙන සිටියේ මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 198ක් පිටුපසින් සිටිමිනි.
මීගමුව ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 328 (122.3): ප්‍රසන්න ජයමාන්න 108, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 51, උපුල් ඉන්ද්‍රසිරි 44* ඇන්ජලෝ ජයසිංහ 34, බුද්ධික සංජීව 5/74, ලහිරු සමරකෝන් 3/81.
බදුරලිය ක්‍රිකට් සමාජ පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 130/0 (53): සාලින්ද උෂාන් 68*, අලංකාර අසංක 62*.
සම්පූර්ණ වාර්තාව: අලංකාර හා උෂාන් බදුරලිය ඉනිම ඔසවා තබයි
පළමු තරගයෙන් ශ්‍රී ලංකා A ජය ගනී

ඒත් සමඟින් දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලියේ ඉදිරිය ගනී
යොවුන් දඟපන්දුවෙන් ජය ශ්‍රී ලංකාවට

එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ මනරම් පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පරදවා ලකුණු 64ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි වුනත් තරගාවලියේ ජය 2-1ක් ලෙස ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට හිමි විය.
සම්පූර්ණ වාර්තාව: දඟපන්දුවේ බලයෙන් තෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට






















