කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
පළමු දිනයේ වැඩි ගෞරවය මිලින්දට සහ කමිඳුට

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 153ක් පමණි.
පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ දී කඩුලු 4ක් දැවී ලකුණු 46ක් ලබා අසරණව සිටි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන සහ කමිඳු මෙන්ඩිස් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු .139ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිස ඔසවා ක්‍රීඩා පිටියේ රැදී සිටීමට අවස්ථාව උදාකර දුන් හ.
සම්පූර්ණ වාර්තාව: මිලින්ද සහ කමිඳු A ඉනිම ගොඩදායි
තිසරගෙන් වාර්තාගත ඉනිමක්

මේ අනුව තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය තවත් තරගයක් තිබිය දී ම ජයග්‍රහණය කිරීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
තිසර පෙරේරා තමන් මුහුණ දුන් 57 වැනි පන්දුවේ දී තම ශතක ලකුණ ලබා ගත් අතර ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යන විට ඔහු පන්දු 74කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 13ක් සමඟින් ලකුණු 140ක් ලබා සිටියේ ය. අවසන් පන්දුවාර කිහිපයේ දී නවසීලන්ත පන්දු යවන්නන් සසල කළ තිසරගේ උත්සාහක ඉනිමට ගෞරවයක් ලෙසින් ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.
ප්‍රිමේෂ්ගේ වික්‍රමයෙන් CR පරාජය වේ

.
සම්පූර්ණ වාර්තාව: ප්‍රිමේෂ් ධනුෂ්ක අවසන් මිනිත්තුවේ දී CR ආරක්ෂක වළලු සුනුවිසුනු කරයි





















