කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
රන් සිංහ සටනේ හොඳම පන්දු යැවීම චමිඳුගෙන්

කෙසේ වෙතත් ඊයේ තරගයේ වූ සුවිශේෂීම සිදුවීම වූයේ ධර්මපාල විද්‍යාලයේ චමිඳු සමරසිංහ තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් විසින් වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීම ය.
සම්පූර්ණ වාර්තාව: රොෂේන් ද්විත්ව ශතකයකින් ගාල්ල හැඩකරයි
පාකිස්තාන ක්‍රීඩිකාවෝ තරගාවලියම ජයග්‍රහණය කරති

තරගාවලිය අවසානයේ තරග ජයග්‍රහණය කියැවුණේ 2-1ක් ලෙසිනි. මීට පෙර පැවති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ දී 3-0ක ජයක් ලැබූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා සංචාරයේ තරගාවලියම ජයග්‍රහණය කිරීමට සමත් වූහ.
සම්පූර්ණ වාර්තාව: පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවෝ විස්සත් දිනති
රොෂේන් ද්විත්ව ශතකයක් වාර්තා කරයි

පළමු දිනය නිමා වන විට නොදැවී ශතක කඩඉම පසුකිරීමට සමත්ව සිටි ගාල්ල කණ්ඩායමේ රොෂේන් සිල්වා ඊයේ සිය ඉනිම ද්විත්ව ශතකයක් දක්වා රැගෙන යාමට සමත් විය. එමෙන්ම ප්‍රථම දිනය නිමාවේ දී ශතකයක් වාර්තා කරගෙන සිටි අශාන් ප්‍රියංජන දෙවැනි දිනය ආරම්භයේ දී ම දැවී ගිය ද සචිත්‍ර සේනානායකගේ ශතකයෙන් දඹුල්ල කණ්ඩායම තවත් ඉදිරියට පැමිණියේ ය. තරග ද්විත්වයේම තෙවැනි දිනය අද (01) ක්‍රියාත්මකයි.
සම්පූර්ණ වාර්තාව: රොෂේන් ද්විත්ව ශතකයකින් ගාල්ල හැඩකරයි




















