කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
යොවුන් කණ්ඩායමේ නායකයා නිපුන්

මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්දින ක්‍රිකට් තරග තුනක් හා තෙදින ටෙස්ට් ක්‍රිකට් තරගයක් ඇතුළත් අතර තරගාවලිය ජනවාරි 3 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.
නිමා වූ 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ දී පිළිවෙළින් බංග්ලාදේශය, හොංකොං, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය පරාජය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි නමුත් අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.
සම්පූර්ණ වාර්තාව: ලෝක අනුශූරයින් මෙල්ල කරන ශ්‍රී ලංකා යොවුන් සංචිතය මෙන්න
අයර්ලන්ත අභියෝගයට ලංකාවෙන් සාර්ථක පිළිතුරක්

සංචාරක ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු දිනයේ දී සියලුම දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 313ක් ලබා ගත් හ. ලකුණු 154ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයෝ දිනය අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 60ක් ලබා සිටිය හ.
සම්පූර්ණ වාර්තාව: අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිළිතුරක්
ඉසිපතන – මොරටු සටනේ දෙවැනි දිනය අදයි

මොරටුව දී පැවැත්වෙන මේ සුහද ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 74ක් පමණි.
සම්පූර්ණ වාර්තාව: තරිඳු අමරසිංහ හා කෞමාල් මොරටුව හොල්ලයි
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















