කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
තරගාවලි 7කට පසු ශ්‍රී ලංකාවට ජයග්‍රහණය

තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක බංග්ලාදේශය සමග පැවති අතර එහි දී ඔවුන්ට ලකුණු 79ක පරාජයක් විඳීමට සිදු වූහ.
ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 221 (50.0) උපුල් තරංග 56, කුසල් මෙන්ඩිස් 28, නිරෝෂන් දික්වැල්ල 42, දිනේෂ් චන්දිමාල් 45, මුස්ටෆිසුර් රෙහෙමන් 2/29, රුබෙල් හුසේන් 4/46
බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 142 (41.1) මුෂ්ෆිකර් රහීම් 22, මහමුදුල්ලා 76, දුශ්මන්ත චමීර 2/17, ශෙහාන් මධුශංක 3/26, අකිල ධනංජය 2/30
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව කළු වළාවන් මත රිදී රේඛා ද ඇති බැව් සපථ කරයි
එස්. එස්. සී සමාජය වේලාසනින් තරගය නිමා කරයි

මේ අතර ඊයේ පැවති පළඟ වටයේ තරගවල දී සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන මාධව වර්ණපුර සහ ලසිත් අබේරත්න ශතක ලබමින් කැපී පෙණුණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (44.2) යොහාන් ද සිල්වා 24, යසෝද ලංකා 21, ගිහාන් රූපසිංහ 36, අනුක් ද අල්විස් නොදැවී 39, දසුන් ශානක 3/26, සචිත්‍ර සේනානායක 3/40, ජෙෆ්රි වැන්ඩර්සේ 3/28
එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 413 (110.4) මිනෝද් භානුක 20, කෞෂාල් සිල්වා 120, මිලින්ද සිරිවර්ධන 49, කවිඳු කුලසේකර 78, චාමර කපුගෙදර 109, අකලංක ගනේගම 3/99, චානක කොමසාරු 4/119, චලනක වීරසිංහ 2/79
ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 166 (40.1) යසෝද ලංකා 67, ගිහාන් රූපසිංහ 24, දසුන් ශානක 3/64, සචිත්‍ර සේනානායක 3/11, ජෙෆ්රි වැන්ඩර්සේ 3/40
සම්පූර්ණ වාර්තාව: එස්. එස්. සී. ක්‍රීඩකයෝ වරාය වේලාසනින්ම ගිල්වා දමති
CR, මහනුවර සහ පොලිස් ජයග්‍රහණ වාර්තා කරති

ඒ එක් තරගයක දී CR & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා සමාජයත් හැව්ලොක් පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 30-22ක් වශයෙන් තරගය ජය ගැනීමට CR & FC ක්‍රීඩකයන් සමත් විය.
අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය වැලිසර දී තරග වැදුණු අතර, තියුණු තරගයකින් අනතුරුව ලකුණු 41-17ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.
පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් තරගයෙන් ලකුණු 18-12ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.





















