කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ජය මහනුවර, නාවික සහ ගුවන් කණ්ඩායම්වලට

ඒ අතරින් CR & FC කණ්ඩායමත්, නාවික හමුදා ක්‍රීඩා සමාජයත් වැලිසර නාවික හමුදා පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 34-18ක් ලෙස තරගය ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.
CH & FC ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය ද නිත්තවෙල දී තරග වැදුණු අතර තියුණු තරගයකින් අනතුරුව ලකුණු 34-23ක් ලෙසින් තරගය ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.
අවසාන වශයෙන් යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 33-10ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.
සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට
ගාල්ලට අභියෝගයක්

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (62.1): දමිත හුණුකුඹුර 22, චානක විජේසිංහ 20, හසන්ත ප්‍රනාන්දු 55, චරිත බුද්ධික 42 , ගයාන් සිරිසෝම 30, මොහොමඩ් රමීස් 2/31, සමීන්ද්‍ර මධුශාන් 2/43, විනෝද් පෙරේරා 4/44
පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 433 (112.1): අශේන් කාවින්ද 42, කාෂිෆ් නවීඩ් 159, රසික ප්‍රනාන්දු 68, සුරේෂ් පීරිසි 84, දනුශික බණ්ඩාර නොදැවී 24, ගයාන් සිරිසෝම 4/102, ගොහාර් ෆායිස් 3/135
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා – පාකිස්තාන සුසංයෝගය ගාලු ක්‍රීඩකයෝ අඩපණ කරයි
කෞෂාල් – දිමුත් ද්විත්ව ශතක සබඳතාවයක

මීට අමතරව ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ වරාය අධිකාරි කණ්ඩායමට එරෙහිව දින දෙකකින් සුපිරි ජයක් වාර්තා කරගන්නට ද හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට හැකි විය.
සම්පූර්ණ වාර්තාව: කෞෂාල් සහ දිමුත්ගෙන් ලකුණු 274ක ආරම්භක සබඳතාවයක්!





















