කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
අසාර් අලී ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි ද?

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 419 (පන්දුවාර 154.5): දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83, දිල්රුවන් පෙරේරා 33, මොහොමඩ් අබ්බාස් 3/75, යසීර් ෂා 3/120, හසන් අලි 2/88.
පාකිස්තානු (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 266 (පන්දුවාර 112.4): අසාර් අලි 74*, ශාන් මසූඩ් 59, සැමී අස්ලාම් 51, අසාද් ශෆීක් 39, බාබර් අසාම් 28, රංගන හේරත් 2/47.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තුවලට පාකිස්තානයෙන් බාධා!
හේලීස් පරදා ජය MAS කණ්ඩායමට

සිංගර් කුසලාන වෙළඳසේවා A කොටසේ ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අනෙකුත් තරගවල දී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව ලකුණු 41කින් ජය ලැබීමට ඩිමෝ කණ්ඩායම සමත් විය. HNB කණ්ඩායම සහ LB ෆිනෑන්ස් කණ්ඩායම් අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6ක ජයක් ලබා ගැනීමට LB ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය. පැවති අනෙක් තරගයේ දී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 103ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණය ද ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව විසඳුන තරගයක් සේ වාර්තා විය.
සම්පූර්ණ වාර්තාව: තිලකරත්න සහෝදරයෝ වෙළඳසේවා පිටිය වර්ණවත් කරති
තෝමසුවන් ජය ගනී

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 250/10 (64.4): සචින් සිල්වා 80*, මොහොමඩ් අමීන් 41, සාලිත් ප්‍රනාන්දු 36, ලශේන් රොද්‍රිගෝ 23, සෙනාල් දංගල්ල 3/56, මොවින් සුභසිංහ 3/56
වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 134/10 (58.4): මොවින් සුභසිංහ 31, සහිල් ඩයස් 25, සෙනාල් දංගල්ල 20, සචින් සිල්වා 5/51, නිරෝශ් අර්ශන 2/11, මොහොමඩ් අමීන් 2/35
වෙස්ලි විද්‍යාලය දෙවන ඉනිම (F/O) 169/10 (85.5): සිදත් ධර්මසිරිවර්ධන 58, සෙනාල් දංගල්ල 36, සකුන්ත ලියනගේ 26, සචින් සිල්වා 5/82, සන්තුෂ් ගුණතිලක 2/07, මොහොමඩ් අමීන් 2/60.
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 234/10 (69.1): ඩෙලෝන් පීරිස් 65, ක්‍රිශාන් මුණසිංහ 44, මනීශ රූපසිංහ 37, ශලින් ද මෙල් 24, මොහොමඩ් ආදිල් 5/66, මොහොමඩ් රිෆාත් 3/50.
සහිරා විද්‍යාලය පළමු ඉනිම – 97/10 (32.2): රිද්මික නිමේෂ් 23, මොහොමඩ් සාකි 22, මොහොමඩ් ශමාස් 20, කළණ පෙරේරා 7/34, ඩෙලෝන් පීරිස් 2/30.
සහිරා විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 108/10 (38.5): මොහොමඩ් ශමාස් 24, දිනෙත් කන්නංගර 3/36, තෙවින් ඊරියගම 2/08, ඩෙලෝන් පීරිස් 2/24, ශැනොන් ප්‍රනාන්දු 2/16.
සම්පූර්ණ වාර්තාව: සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක ජයක්





















