කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ආනන්ද විද්‍යාලයට පූර්ණ තරග ජයක්

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 235/10 (50.4): කමේශ් නිර්මාල් 46, කනිශ්ක රන්තිලකගේ 41, කලණ විජේසිරි 31, මොහොමඩ් ආදිල් 5/65.
සහිරා විද්‍යාලය පළමු ඉනිම – 99/10 (38.4): රිද්මික නිමේෂ් 51*, අසේල සිගේරා 3/23.
සහිරා විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 181/10 (54.2): මොහොමඩ් රිෆාත් 42, මොහොමඩ් සාකි 38, මොහොමඩ් ශහදුල්ලා 27, රිද්මික නිමේෂ් 25, අසේල සිගේරා 7/46.
ආනන්ද විද්‍යාලය දෙවන ඉනිම – 46/2 (10.3): කවිඳු ගිම්හාන 21, මොහොමඩ් අධිල් 2/29.
සම්පූර්ණ වාර්තාව: යොවුන් දස්කම් මැද පාසල් 4කට පූර්ණ ජයග්‍රහණ
15න් පහළ ශූරතාවයේ වීරයා තසික නිර්මාල්

අවසාන මහ තරගය බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අතර පැවැත්වූ අතර එම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට “අන්තර් පළාත් වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා ශූරතා කුසලාන” හිමි විය.
තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය නියෝජනය කරමින් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට ක්‍රීඩා කළ තසික නිර්මාල් අවසන් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. ඔහු මෙම තරගයේ දී ලකුණු 82කට කඩුලු 8ක් දවා ගත් අතර පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් ලකුණු 37ක් වාර්තා කළේය.
සම්පූර්ණ වාර්තාව: ප්‍රීමා යොවුන් කුසලානය බස්නාහිර මධ්‍යම කණ්ඩායමට




















