කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
විස්සයි විස්ස නායකත්වය තිසරට

නිත්‍ය සීමිත පන්දුවාර නායක උපුල් තරංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් පාකිස්තානයේ පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගය සඳහා සහභාගී වීමට අකමැත්ත ප්‍රකාශ කර තිබෙන බැවින් මෙම සංචිතයේ නායකත්වය පවරා තිබෙන්නේ තිසර පෙරේරා හටයි.
ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග සංචිතය – තිසර පෙරේරා (නායක), ඩිල්ශාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, මිනෝද් භානුක, අශාන් ප්රියංජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සේ, චතුරංග ද සිල්වා, විකුම් සංජය, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන.
සම්පූර්ණ වාර්තාව: ජ්‍යෙෂ්ඨයන් බෑ කියද්දී විස්සයි විස්ස සුක්කානම තිසරට
MAS සිලුඒටා පිලට ජය

කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති අවසන් මහා තරගය මීට දින කිහිපයකට පෙර පැවැත්වීමට සූදානම් කර තිබුණ ද, පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගය කිහිප විටක් කල් දමන්නට සංවිධායකයින්ට සිදු විය. කෙසේ වෙතත් ඊයේ දිනයේ තරගය පැවැත්වුණේ වර්ෂාවේ කිසිදු බාධාවකින් තොරවයි.
පවර් ටෙක් සිමෙන්ති – කඩුලු 9ක් දැවී ලකුණු 247 (පන්දුවාර 50): ලහිරු ජයකොඩි 56, දිනෙත් තිමෝද්‍ය 53, දසුන් සෙනවිරත්න 42, නිමන්ද මධුශංක 2/32, බුද්ධික සංජීව 2/41, දුශාන් හේමන්ත 2/49.
MAS සිලුඒටා – කඩුලු 5ක් දැවී ලකුණු 249 (පන්දුවාර 40.3): ශෙහාන් ප්‍රනාන්දු 65, ඉශාන් නිලක්ෂ 47, නිමන්ද මධුශංක 40, සංගීත් කුරේ 29*, ඇන්ජෙලෝ එමනුවල් 24*, තිලාන් නිමේෂ් 2/25, මාලිංග ද සිල්වා 2/41.
සම්පූර්ණ වාර්තාව: තුන් ඉරියව් දක්ෂතා නිසා ශූරතාවය MAS සිලුඒටා කණ්ඩායමට!
ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 294 (73.3) – දසුන් ශානක 102*,ධනංජය ද සිල්වා – 73, චරිත් අසලංක – 41, රොෂේන් සිල්වා – 30, කියොන් ජෝසප් – 3/32, ඩේමියන් ජෙකබ්ස් – 2/74, රකීම් කෝන්වෝල් – 2/85
කොදෙව් ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 137 (44.3) – රකීම් කෝන්වෝල් – 46, සුනිල් අම්බ්‍රිස් -29, ශෙල්ඩන් කොට්රේල් 18, මාලින්ද පුෂ්පකුමාර – 6/52, ෂෙහාන් ජයසුරිය – 2/8
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම (අත්හිටුවන ලදි) – 267/9 (67.5) – රොෂේන් සිල්වා – 86, දසුන් ශානක – 60, වනිඳු හසරංග – 50*, ෂෙහාන් ජයසුරිය – 32, රකීම් කෝන්වෝල් – 5/107
කොදෙව් ‘ඒ’ දෙවන ඉනිම – (සියල්ලන් දැවී) – 144 (54) – සුනිල් අම්බ්‍රිස් – 41, ඔශේන් – 18, ශෙල්ඩන් කොට්රේල් 17, මාලින්ද පුෂ්පකුමාර – 6/46, ෂෙහාන් ජයසුරිය – 2/48
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එකට එක කරයි
මහනුවරට ප්‍රබල ජයක්

අවසන් වරට බහරේන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජයට 23-24ක් ලෙස එක් ලකුණකින් පරාජය හිමි වූ අතර ඊට ප්‍රථම අබුඩාබි කණ්ඩායම අතර පැවති තරගය 29-29ක් ලෙස සමව අවසන් වූයේ තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙක අතර සමව බෙදී යමිනි.
- පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 22-07 සිංගප්පූරු ජාතික කණ්ඩායම
- අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 44-14 සිංගප්පූරු ජාතික කණ්ඩායම
- ThePapare.com තරගයේ වීරයා: අනුරුද්ධ විල්වර
සම්පූර්ණ වාර්තාව: සිංගප්පූරුව පරදා මහනුවරට විශිෂ්ට ජයක්






















