කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පළමු එක්දින තරගයේ ජය පාකිස්තානයට

8 වැනි කඩුල්ල වෙනුවෙන් අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩර්සේ ගොඩ නැගූ ලකුණු 68ක සබඳතාවයත්, ලහිරු තිරිමාන්න ලබාගත් අර්ධ ශතකයත් නොවන්නට මෙම පරාජය මීටත් වඩා සෑහෙන දරුණු, ලැජ්ජා සහගත පරාජයක් වන්නට බොහෝ ඉඩකඩ පැවතුණි.
පාකිස්තානය – කඩුලු 6ක් දැවී ලකුණු 292 (පන්දුවාර 50): බාබර් අසාම් 103, ශොයිබ් මලික් 81, ෆකාර් සමාන් 43, මොහොමඩ් හෆීස් 32, හසන් අලි 11*, ඉමාඩ් වසීම් 10*, සුරංග ලක්මාල් 2/47, ජෙෆ්රි වැන්ඩර්සේ 1/47, ලහිරු ගමගේ 1/49.
ශ්‍රී ලංකාව – කඩුලු 8ක් දැවී ලකුණු 209 (පන්දුවාර 50): ලහිරු තිරිමාන්න 53, අකිල ධනංජය 50*, ජෙෆ්රි වැන්ඩර්සේ 25, තිසර පෙරේරා 21, නිරෝෂන් දික්වැල්ල 19, උපුල් තරංග 18, හසන් අලි 3/36, රුමාන් රයීස් 3/49.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පිතිකරුවන්ට අකිල ධනංජයගෙන් පාඩමක්!
තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාව තත්වය අසීරු තත්වයකට

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ පළමු ඉනිම (අත්හිටුවන ලදී) – 364/8 (120) – සුනිල් අම්බ්‍රිස් – 106, විශාල් සිං – 81, ජෝන් කැම්බල් – 56, රකීම් කෝන්වෝල් – 36, මාලින්ද පුෂ්පකුමාර – 3/104, චාමික කරුණාරත්න – 2/61, අසිත ප්‍රනාන්දු – 1/37, ෂෙහාන් ජයසූරිය – 1/43
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 201/7 (53) – ධනංජය ද සිල්වා – 104, වනිඳු හසරංග – 24, දසුන් ශානක – 20, ෂෙහාන් ජයසුරිය – 12*, කියොන් ජෝසප් 2/28, ඩේමියන් ජෙකබ්ස් 2/33 ශෙල්ඩන් කොට්‍රෙල් 2/41,
රිච්මන්ඩ් ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරයි

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 57/10 (22.3): දිලුම් සුධිර 3/11, ධනංජය ලක්ෂාන් 3/23.
රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 364/5 dec (64): කමිඳු මෙන්ඩිස් 158, ධනංජය ලක්ෂාන් 54, කසුන් තාරක 41, ආධිත්‍යය සිරිවර්ධන 41, තවීෂ අභිශේක 33, සංජන මෙන්ඩිස් 2/81.
ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම – 249/10 (68.4): රවිඳු රශන්ත 66, දිනුක ඩිල්ශාන් 47, නිමේෂ් මෙන්ඩිස් 42, සඳුන් මෙන්ඩිස් 4/72, දිලුම් සුධීර 3/55.
සම්පූර්ණ වාර්තාව: කමිඳු ඇතුළු රිච්මන්ඩ් කණ්ඩායමට විශිෂ්ට ජයක්
හෙන්ඩර්සන් තෙවැනි රන් පදක්කමත් දිනා ගනී

ඊයේ දිනයේ පැවති වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර 200 ඉසව්වේ රන් පදක්කම දිනාගත් ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් මෙම තරගාවලිය තුළ ඇය ජයග්‍රහණය කළ තෙවන රන් පදක්කමට හිමිකම් කියන්නට සමත් විය. තරගාවලියේ පළමු දිනයේ දී දුර පැනීමේ ඉසව්වේ දී මීටර 5.66ක දක්ෂතාවයක් දක්වමින් ඇය පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඉන් අනතුරුව පෙරේදා (12) දිනයේ දී මීටර 100 ඉසව්ව තත්පර 12.67කින් අවසන් කරමින් තරගාවලියේ දෙවන රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. අනතුරුව ඊයේ පැවති මීටර 200 ධාවන ඉසව්ව තත්පර 25.90කින් අවසන් කළ ඇය අඛණ්ඩව දෙවන වසරටත් රන් පදක්කම් ත්‍රිත්වයකට හිමිකම් කියන්නට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: ශේෂාන්ගෙන් නව ජාතික පාසල් වාර්තාවක්






















