කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ඉන්දියාවට එරෙහි වන ටෙස්ට් සංචිතය

මේ දිනවල ජැමෙයිකාවේ දී බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් අතර සිටි නායක දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා සහ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද ඉන්දීය තරග සංචාරයේ ටෙස්ට් සංචිතයට කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සහ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් මෙම සංචිතයෙන් ඉවත් කරන්නට තේරීම් කමිටුව තීරණය කරද්දී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් හට ද සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.
සම්පූර්ණ සංචිතය: ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
පාසල් ක්‍රිකට් පිටියේ තරග දෙකක් නිමා වෙයි

යොවුන් ක්‍රීඩකයින් කරට කර සටනක නිරත වුනු අද දිනයේ එම තරග දෙකම නිමාව දුටුවේ විසඳුමකින් තොරවයි. ඊයේ දිනයේ පිත්තෙන් සුපිරි දස්කම් දක්වා අද පන්දුවෙන් ද පෙරළියක් කළ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මහේෂ් තීක්ෂණ මෙම තරග දෙකේම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.
සම්පූර්ණ වාර්තාව: ශතකයක් සමඟින් කඩුලු 4ක්; බෙනඩික්ට් ක්‍රීඩකයෙකුගෙන් විස්මිත දස්කම්!
CR සහ නාවික හමුදාව ජය ගනී

එහි දී යුධ හමුදාව සහ නාවික හමුදාව අතර පැවති තරගයේ දී 20-14ක් ලෙස නාවික ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කළ අතර CR & FC සහ යුධ හමුදාව අතර පැවති තරගයේ දී 21-09ක් ලෙස ගුවන් හමුදාව පරදවමින් CR & FC කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරන ලදි.
සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න






















