කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

12 වන වරටත් සාර්ථකව පැවැත්වූ 2017 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග ඊයේ (18) සුගතදාස ගෘහස්ථ පිටියේ දී පැවැත්විය. එහි 22න් පහළ කාන්තා හා පිරිමි අංශයන්හි ශූරතා ජයග්‍රහණය කිරීමට පිළිවෙළින් බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සහ හලාවත යුනයිටඩ් කණ්ඩායම සමත් විය.
- හුංගම විජයබා ක්‍රීඩා සමාජය (18-25, 19-25, 22-25) හලාවත එක්සත් ක්‍රීඩා සමාජය
- කැෂුවල්ලයින් ක්‍රීඩා සමාජය (20-25, 20-25, 25-22, 25-22, 07-15) බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය
සම්පූර්ණ වාර්තාව: 22න් පහළ ශූරතා බෝයගමට සහ හලාවතට
විජය කෙල්ලන් සහ කටාන කොල්ලන් ශූරතාවය දිනා ගනී

අත්දැකීම් සහ පීඩනය පාලනය වොලිබෝල් ක්‍රීඩාවට කෙතරම් වැදගත් දැයි පෙන්වමින්, විවෘත කාන්තා අවසන් මහා තරගයේ දී සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය පරයමින් ශූරතාවය දිනා ගැනීමට කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සමත් විය.
- ලකුණු තත්වය – (25-11), (27-25), (19-25), (23-25), (15-09) – කාන්තා අවසන් තරගය
- ලකුණු තත්වය – (25-21), (23-25), (26-24), (25-21), (15-12) – පිරිමි අවසන් තරගය





















