කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
බංග්ලාදේශයට වාර්තාගත ජයක්
තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සහභාගි වූ දෙවැනි තරගය හෙවත් බංග්ලාදේශය සමඟ තරගයේ දී තුන් ඉරියව්වෙන්ම අසාර්ථකත්වයට පත් ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරකයන් හමුවේ ලකුණු 163ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. මෙය බංග්ලාදේශ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලද දැවැන්තම තරග ජයග්‍රණය ලෙස ද සටහන් විය.
බංග්ලාදේශය කඩුලු 7ට ලකුණු 320 යි (50) : තමීම් ඉක්බාල් 84, එනමුල් හක් 35, ශකීබ් අල්හසන් 67, මුෂ්ෆිකර් රහීම් 62, මහමුදුල්ලා 24, සබීර් රෙහ්මාන් නොදැවී 24, තිසර පෙරේරා 60/3, නුවන් ප‍්‍රදීප් 66/2
ශ‍්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 157 යි (32.2) : තිසර පෙරේරා 29, දිනේෂ් චන්දිමාල් 28, උපුල් තරංග 25, කුසල් මෙන්ඩිස් 19, නිරෝෂන් දික්වැල්ල 16, අකිල ධනංජය 14, ශකීබ් අල්හසන් 47/3, රුබෙල් හෙසේන් 20/2, මෂ්රෆී මොර්ටාසා 30/2
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශයට වාර්තාගත ජයක්
සචිත්‍රගෙන් ශතකයක්

එහි දී ඉතාමත් විශිෂ්ට පිතිකරණයක් මෙන්ම සුපිරි සබඳතාවයක් ගොඩ නගමින් දිනයේ වැඩිම අවධානයට ලක්වූ ක්‍රීඩකයින් දෙදෙනා බවට පත් වන්නට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ සචිත්‍ර සේරසිංහ සහ අශේන් සිල්වා සමත් විය. ඔවුන් දෙදෙනාගේ මෙම සාර්ථකත්වයත් සමඟ ප්‍රතිවාදී වරාය අධිකාරි කණ්ඩායමට තරගය බේරා ගැනීමට ප්‍රබල වෙහෙසක් දැරීමට සිදු වී ඇත.
සම්පූර්ණ වාර්තාව: සචිත්‍ර සහ අශේන් ශතක රැස් කරමින් යෝධ ලකුණු සබඳතාවයක!
විශ්ව ප්‍රනාන්දු පිත්තෙන් දස්කම් අතරට

මීට අමතරව පැවැත්වූ අනෙක් තරගවල දී අශේන් ඩැනියල්, හසින්ත ජයසූරිය, තිසුරක අක්මීමන, ශැනොන් ප්‍රනාන්දු හා ගජිත කොටුවේගොඩ යන ක්‍රීඩකයින් සිය පෞද්ගලික දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: විශ්වගේ ශතකයෙන් මොරටුව කැලඹේ























