කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
බෙනඩික්ට් ක්‍රීඩකයින්ගෙන් දැවැන්ත ප්‍රහාරයක්

පළමු අර්ධය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 17 – 05 පිළියන්දල මධ්‍ය විද්‍යාලය
අවසාන ලකුණු තත්වය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 41 (6T, 4C,1P) – 12 (2T,1C) පිළියන්දල මධ්‍ය විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා: ඇන්තනී පුලේ (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය)
සම්පූර්ණ වාර්තාව: එරංගගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් සත්කාරකයින්ට ජයග්‍රාහී දිනයක්
නිපුන්ගේ ඉනිමෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ඉදිරියෙන්

මේ අතර පැවති වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරගය පන්දුවාර 15ක් අවසානයේ දී නතර කර දැමීමට ඒ. එම්. ප්‍රියන්ත සහ රුවන් ජයවීර යන විනිසුරුවන් තීරණය කළහ. ඒ තණතීරුව ක්‍රීඩා කිරීමට තරම් සුදුසු නොවීම හේතුවෙනි. ඒ වෙද්දී කාසියේ වාසිය දිනා සිටි වේල්ස් කුමරුවෝ කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටියහ.
සම්පූර්ණ වාර්තාව: සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ දැවැන්ත ඉනිමක් ගොඩ නගති





















