කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ක්‍රිකට් –
මැතිව්ස් ගෙදර එයි

ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි වරටත් පිය පදවිය ලබාගෙන ඇති නිසා කොදෙව් දේශයේ සිට දිවයිනට පැමිණෙන බව ThePapare.com වෙත වාර්තා වන අතර දකුණතින් වේගපන්දු යවන ලහිරු ගමගේ ද පළමු ටෙස්ට් තරගය අතරතුර පන්දුවට පහර දෙමින් සිටිය දී පන්දුවක් අතෙහි වැදීම නිසාවෙන් අස්ථි බිඳීමකට ලක්ව තරගාවලියෙන් ඉවත්ව මැතිව්ස් සමඟ මෙරටට පැමිණීමට නියමිතය.
කුණතින් පිත්ත හසුරුවන ධනංජය ද සිල්වා හෙට (14) දිනයේ ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ දී මැතිව්ස් වෙනුවට ආදේශ වීමට වැඩි සම්භාවිතාවක් තිබේ. එසේම හෙට දිනයේ ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ දී මහේල උඩවත්ත හට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි වීමට ද යම් ඉඩකඩක් ඇත.
කෙසේ නමුත් දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (14) ආරම්භ වීමට නියමිතයි.
සම්පූර්ණ වාර්තාව: කොදෙව් ගිය ප්‍රබලයින් දෙදෙනෙක් නැවතත් ශ්‍රී ලංකාවට
පසිඳු සහ නිශාන් ශතක රැස් කරයි

මෙම තරග දෙකේ දී ජයග්‍රාහී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතරින් දෙදෙනෙක් ශතක රැස් කිරීම කැපී පෙණුණා. බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර ද, බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම වෙනුවෙන් නිශාන් ප්‍රනාන්දු ද මෙසේ ශතක රැස් කළා.
සම්පූර්ණ වාර්තාව: පසිඳු සහ නිශාන්ගේ ශතක බ. මධ්‍යම සහ දකුණට දැවැන්ත ජයග්‍රහණ ගෙනේ
පාකිස්තානුවන්ට වාරණයක්

පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති වන නජාම් සෙතී මහතා එහි දී මෙම තීරණය ගෙන ඇත්තේ පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරනු ලබන සංවිධායක කමිටුව විසින් පාකිස්තානු ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව බව වාර්තා වේ.
සම්පූර්ණ වාර්තාව: පාකිස්තානු ක්‍රීඩකයින්ට ප්‍රිමියර් ලීග් තරගාවලිය තහනම්!
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















