කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ක්‍රිකට් –
කොදෙව්වන්ට එරෙහිව සවිමත් එක්දින සංචිතයක්

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් ආබාධවලින් සුවය ලබා නැවත කණ්ඩායමට එක් වී ඇති අතර ආබාධයකට ලක් වී සිටින දිමුත් කරුණාරත්න වෙනුවට තිස්එක් හැවිරිදි ආරම්භක පිතිකරු මහේල උඩවත්ත කණ්ඩායමට නම් කර තිබේ.
මහේල උඩවත්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් 2008 දී ජාත්‍යන්තර වරම් හිමි කර ගත් නමුත් තවම ටෙස්ට් වරම් හිමි කර ගැනීමට සමත් වී නැත. නිමා වූ සුපිරි පළාත් සිව්දින තරගාවලියේ දී ලකුණු 56.60ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 283ක් රැස්කර ගැනීමට සමත් වූ ඔහු මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් එක්දින තරගාවලියේ දී ලකුණු 71ක හා 116ක විශිෂ්ට ඉනිම් ද්විත්වයක් ද ක්‍රියාත්මක කිරීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: අවසන් සංචිතයේ දිමුත් වෙනුවට උඩවත්තට ටෙස්ට් වරම්
රැජිනියන්ගේ සංග්‍රාමයේ ජය රත්නාවලියට

සම්පූර්ණ වාර්තාව: රැජිනියන්ගේ සටනේ කිරුළ පළමු වරට ගම්පහ රත්නාවලියට
ගාල්ලට සහ දඹුල්ලට ජයග්‍රහණ

දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ ගාලු කණ්ඩායමේ උපුල් තරංග ය. ඔහු ශතකයක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. මේ අතර සුපිරි 4 තරගාවලියේ කෝඩුකාර ක්‍රීඩකයන් සේ ඊයේ තරගවලට එක් වූ සඳුන් වීරක්කොඩි (96) මිනෝද් භානුක (82) සහ චරිත් අසලංක (51) අර්ධ ශතක රැස් කිරීම කැපී පෙණුනි.
සම්පූර්ණ වාර්තාව: උපුල් තරංග සමඟින් කෝඩුකාරයෝ ලකුණු අතරට
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්





















