කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
දේවපතිරාජ ක්‍රීඩකයින් පළමු කාණ්ඩයට

සාන්ත ආනා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 275 (79.2) ධනංජය බණ්ඩාර 57, දිනෙත් චන්දිමාල් 51, රන්දීර රණසිංහ 46, වනිත වන්නිනායක 26, පුබුදු ගනේගම නොදැවී 68, ඉරුක්ෂ තිමිර 5/87, පවන් සන්දේශ් 3/45
දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 283 (112.5) ජීවක ශෂීන් 34, සුධීර වීරරත්න 104, රවීන් යසස් 68, පැතුම් මධුශංක නොදැවී 20, තිසර ඩිල්ශාන් නොදැවී 20, ධනංජය බණ්ඩාර 2/22
සම්පූර්ණ වාර්තාව: රත්ගම දේවපතිරාජයන් දෙවැනි කොටසේ ශූරයෝ වේ
ශතකය අභියස අශාන් දැවී යයි

දිනයේ කැපී පෙණෙන පිතිකරු වූයේ දඹුල්ල කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ ය. ඔහු ලකුණු 112ක් ලබා ගත්තේය. ඔහු සමඟ අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ අශාන් ප්‍රියංජන් තම ශතකය අහිමි කර ගත්තේ ශතකයකට ලකුණු 5ක් මෙපිටින් සිටිමිනි.
පන්දු යැවීමේ දී නිසල තාරක කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.
සම්පූර්ණ වාර්තාව: සචිත්‍ර සේරසිංහ අවසන් දිනයේ ශතකයක් ලබා ගනී
අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනී

කි.ග්‍රෑම් 48 බරපන්තිය වෙනුවෙන් පැවති අවසන් පූර්ව තරගය මෙය වන අතර මෙහි ජයග්‍රහණය ක්‍රීඩිකාවන් දෙපලට නිසැකවම රන් හෝ රිදී පදක්කමක තහවුරුභාවය ලබා දෙන්නට ඉඩ තිබුණි. අර්ධ අවසන් පූර්ව තරගයේ දී කේමන් දූපත් හි බ්‍රැන්ඩි බාන්ස්ව පරාජය කරමින් අනූෂා අවසන් පූර්ව තරගයට පිවිසි අතර මේරි කොම් විසින් ස්කොට්ලන්තයේ මේගන් ගෝඩන් මින් පෙර පරාජයට පත්විය.
සම්පූර්ණ වාර්තාව: අනූෂා, මේරි කොම් හමුවේ නොනැවෙමින් ලෝකඩ පදක්කම රැකගනියි



















