කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ නායකත්ව චන්දිමාල්ට

කොදෙව් දේශයේ පැවති දෙවන ටෙස්ට් තරගයේ පන්දු රැකීමට නොපැමිණ පැය දෙකකට ආසන්න කාලයක් අපතේ යැවීමේ වරදට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙතෙක් නිල වශයෙන් දඬුවමක් පනවා නොමැති නිසා දිනේෂ් චන්දිමාල් වෙත මේ සංචිතයේ නායකත්වය ලබා දී ඇත.
එසේම දෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දු රැකීමට පිටියට නොපැමිණීමේ වරද ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහ හා නායක චන්දිමාල් විසින් පිළිගන්නා ලදි. එම වරද ICC විනය නීති සංග්‍රහයේ තෙවැනි මට්ටමේ වරදක් බැවින් ඔවුන් තිදෙනා හටම අවම වශයෙන් ටෙස්ට් තරග දෙකක තරග තහනමක් ලබා දෙනු ඇත. එම දඬුවමේ ප්‍රමාණය පිළිබඳ අවසන් තීන්දුව ජූලි මස 10 වැනිදා ICC විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
සම්පූර්ණ වාර්තාව: ටෙස්ට් සංචිතයෙන් උඩවත්ත හැලේ; නායකත්වය තවමත් චන්දිමාල් අතේ
සභාපතිගේ කණ්ඩායමේ නායකත්වයට මැතිව්ස්

ඇන්ජලෝ මැතිව්ස් පසුගිය දා නිමාවට පත්වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට එක් දිනකට පෙර පුද්ගලික හේතුවක් මත ඔහු නැවතත් දිවයිනට පැමිණෙන ලදි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට
සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය මේ සති අන්තයේ

මේ වසරේ දී කණ්ඩායම් තිහක් පමණ එක්වන මේ තරගාවලිය පසුගිය වසරේ ජය ගත්තේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයයි. නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වයෙන් යුතු සාන්ත තෝමස් කණ්ඩායම 2016 වසරේ දිනා ගත් කිරුල පසුගිය වසරේ ද අවසාන මහා තරගයේ දී කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කර ගනිමින් රැක ගැනීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















