රශාන් නාලන්දා ජයග්‍රහණයේ නියමුවා වෙයි

202

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර අද (17) කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී නිමා වූ වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්දා විද්‍යාලය සමත් විය. 

බිසඳු සහ ප්‍රශාන් රාජකීය ජයක් ලබා ගැනීමට හවුල්වේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ අද (16) නිමා වූ තරග…

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ V කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ දී නාලන්දා විද්‍යාලයේ රශාන් දිසානායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. 

කාසියේ වාසිය දිනා ගත් ධර්මරාජ විද්‍යාලය එහි වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 130ක් පමණි. අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කළ එම ඉනිමේ දී නාලන්දා ක්‍රීඩක දිනිත් සමරවීර ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව රශාන් දිසානායක ලකුණු 9කට කඩුලු 2ක් දවා ගනිමින් ඊට කදිම සහායක් දැක්විය. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නාලන්දා ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් රශේන් දිසානායක ලකුණු 44ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ නියමුවා විණි. ඊට අමතරව රවීන් ද සිල්වා තරගය ජයග්‍රහණයෙන් නිමා වන විට නොදැවී ලකුණු 36ක් ලබා සිටියේය. 

ධර්මරාජ විද්‍යාලය; සියලුම දෙනා දැවී 130 (42.4) චේතිය වීරකෝන් 27, දිනිත් සමරවීර 4/37,  රශාන් දිසානායක 2/09, රවීන් ද සිල්වා 2/21

නාලන්දා විද්‍යාලය; කඩුලු 4ක් දැවී 131 (27) රශාන් දිසානායක 44, රවීන් ද සිල්වා නොදැවී 36, නදිල් ජයකොඩි 23, තිසරු වන්නිනායක 2/26

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<