පාසල් රග්බි තරගවලට මින් පසු විනිසුරුවන් නෑ!

517

ශ්‍රී ලංකා රග්බි ආයතනය පාසල් රග්බි තරග සඳහා විනිසුරුවන් ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ පසුගිය සති තුනේ දී ඇතිවූ යම් යම් සිදුවීම් කිහිපයක් හේතුවෙනුයි.

ඉසිපතනය නිරුත්තර කරමින් පීතරයින් අවසන් සටනට

2019 මයිලෝ ජනාධිපති කුසලාන….

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ලසිත ගුණරත්න මහතා ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමයට නිල ලිපියක් යොමු කරමින් සියලු පාර්ශව කැඳවා හදිසි රැස්වීමක් සංවිධානය කරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

“මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය විසින් වාර්තා කර තිබූ පාසල් ලීග් රග්බි තරගාවලිය හා පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය අතරතුර දී සිදු වූ සිදුවීම් පිළිබඳ අපේ අවධානය යොමු වී තිබෙනවා.”

“ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි 2019 ජූලි 16 වැනිදා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සමඟ විශේෂ රැස්වීමක් ද කැඳවා තිබෙනවා.”

පසුගිය සති තුනේ දී පාසල් රග්බි පිටියේ ක්‍රීඩාවට නුසුදුසු සිදුවීම් කිහිපයක් සිදු වී තිබුණු අතර ඉන් පළමුවැන්න වාර්තා වූයේ කොළඹ රාජකීය විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගයේ දීයි. පසුගිය සතියේ දී සාන්ත පීතර විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර තරගයේදීත් එවැනිම සිදුවීමක් වාර්තා විය.

විශේෂ රැස්වීමක් පවත්වා නිසි විසඳුමකට පැමිණෙන තුරු ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් පාසල් තරග සඳහා විනිසුරුවරුන් සහභාගී කිරීම නවතා තිබෙන්නේ ඒ නිසාවෙනි.

“මෙම තීරණය ගෙන ඇත්තේ ඉහත තත්වයන් නිසයි. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කිසිදු පාසල් රග්බි තරගයකට අපි විනිසුරුවන් ලබා දෙන්නේ නැහැ.”

මේ වසර සඳහා පාසල් රග්බි පිටියේ ඇත්තේ තවත් එක් සති අන්තයක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා රග්බි ආයතනය, පාසල් රග්බි පාපන්දු සංගමය හා ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමය යන පාර්ශව තුනම එකම විසඳුමකට පැමිණෙන තුරු මේ සති අන්තයේ තරග පැවැත්වීම අර්බුදයක් බවට පත් වනු ඇත.

තර්ස්ටන් ප්‍රහාරයෙන් වේල්ස් කුමරුවන්ට අසාධ්‍යයි

2019 මයිලෝ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ අගමැති කුසලාන රග්බි….

මයිලෝ ජනාධිපති කුසලාන අවසන් මහා තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර එළඹෙන සෙනසුරාදා (20) පැවැත්වෙන අතර අගමැති කුසලානය හා සභාපතිගේ කුසලානය සිකුරාදා පැවැත්වෙනු ඇත.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<