Home Sinhala දියාරු පිතිකරණය නිසා ශ්‍රී ලංකාව දරුණු පරාජයක්!

දියාරු පිතිකරණය නිසා ශ්‍රී ලංකාව දරුණු පරාජයක්!

Pakistan Tour Of Sri Lanka 2025

1
Pakistan Tour Of Sri Lanka 2025

ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී සහභාගී වන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (20) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රියාත්මක වුනා.

තරගාවලියේ දෙවැනි තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානක සතු වූ අතර, මෙම තරගයේ දී එශාන් මාලිංග විස්සයි විස්ස වරම් ලබා ගැනීමත් විශේෂත්වයක්. එමෙන්ම කලකට පසුව භානුක රාජපක්ෂ ද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වුනා.

දසුන්ගේ ආරාධනයෙන් යුතුව සිම්බාබ්වේ පිතිකරුවන් පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසුණු අතර, ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක් එක් කිරීමට සහය දීමෙන් පසුව Tadiwanashe Marumani මහීශ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන් පසුව සිය මංගල විස්සයි විස්ස කඩුල්ල ලෙස Brendan Taylor දවා ගැනීමට එශාන් මාලිංග විසින් සමත් වූ අතර, එතැන් සිට සිම්බාබ්වේ නායක Sikandar Raza සහ Brian Bennett තෙවැනි කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 61ක් එක් කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ වනිඳු හසරංග ලකුණු 49ක් ලබා සිටි Brian Bennett දවා ගැනීමට සමත් වූ අතර, එතැනින් ද නොනැවතී තවත් ඉක්මන් කඩුලු ද්විත්වයක් ද දවා ගනිමින් සිම්බාබ්වේ ඉනිම කඩුලු 5කට ලකුණු 124ක් මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.

කෙසේ වෙතත් නායක Raza විසින් වටිනා ඉනිමක් දියත් කරමින් ලබා ගත් ලකුණු 47 ද සමඟ නියමිත පන්දුවාර 20 අවසන් වන විට සිම්බාබ්වේ ඉනිම ලකුණු 162ක් ලෙස සටහන් වුනා.

මෙහි දී වනිඳු කඩුලු 3ක් දවාගන්නා අතරේ එශාන් මාලිංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

මෙම ඉලක්කය ශ්‍රී ලංකාව පහසුවෙන් හඹා යනු ඇතැයි බලාපොරොත්තු තැබුව ද එය එතරම් සාර්ථක හඹා යාමක් බවට පත් වුනේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ඉනිම ආරම්භ කළ අතර, පැතුම් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුනා.

මේ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 06ක් සහ කුසල් පෙරේරා ලකුණු 04ක් ලබා පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව පිටියට පිවිසි භානුක රාජපක්ශ ලකුණු 11ක් ලබමින් පිටියෙන් ඉවත් වුනා. එමෙන්ම කමිඳු මෙන්ඩිස්ට ද අද දිනය එතරම් සාර්ථක එකක් වුනේ නැහැ.

කෙසේ වෙතත් කලකට පසුව නායකත්වයේ වගකීම උර මතට ගත් දසුන් සිම්බාබ්වේ පන්දු යැවීමට එරෙහිව පන්දු 25කින් ලකුණු 34ක් ලබා ගනිමින් යම් සටනක් ලබා දීමට සමත් වුනා. නමුත් එය ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව 100 කඩ ඉමට රැගෙන යාමට හෝ ප්‍රමාණවත් වුනේ නැහැ. දසුන්ට අමතරව භානුක රාජපක්ශ ලබා ගත් ලකුණු 11 හැරුණු කොට එකදු ශ්‍රී ලංකා පිතිකරුවකු හෝ ලකුණු දහය සීමාව ඉක්මවා නොගිය අතර, මේ නිසාම නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 95ක් පමණයි.

මෙහි දී සිම්බාබ්වේ වෙනුවෙන් කඩුලු තුනක් දවා ගැනීමට Brad Evans විසින් සමත් වුනා.

මේ අනුව මෙම තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 67ක ජයක් උරුම වුනා.

මෙම පරාජය සමඟ ශ්‍රී ලංකාව තරගාවලි කාලසටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින අතර, සිම්බාබ්වේ පළමු ස්ථානයේ රැඳෙනවා.

Result
Sri Lanka
95/10 (20)
Zimbabwe
162/8 (20)
Batsmen R B 4s 6s SR
Brian Bennett c Kusal Perera b Wanindu Hasaranga 49 42 5 1 116.67
Tadiwanashe Marumani c & b Maheesh Theekshana 10 6 2 0 166.67
Brendan Taylor b Eshan Malinga 11 9 1 0 122.22
Sikandar Raza c Dasun Shanaka b Dushmantha Chameera 47 32 3 2 146.88
Ryan Burl b Wanindu Hasaranga 18 11 0 2 163.64
Tony Munyonga lbw b Wanindu Hasaranga 0 1 0 0 0.00
Tashinga Musekiwa b Eshan Malinga 11 7 0 1 157.14
Brad Evans run out (Kusal Mendis) 4 5 0 0 80.00
Tinotenda Maposa not out 5 4 0 0 125.00
Graeme Cremer  not out 3 4 0 0 75.00
Extras 4 (b 0 , lb 3 , nb 1, w 0, pen 0)
Total 162/8 (20 Overs, RR: 8.1)
Bowling O M R W Econ
Nuwan Thushara 3 0 30 0 10.00
Maheesh Theekshana 4 0 30 1 7.50
Dushmantha Chameera 4 0 27 1 6.75
Eshan Malinga 4 0 27 2 6.75
Wanindu Hasaranga 4 0 32 3 8.00
Dasun Shanaka 1 0 13 0 13.00

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Graeme Cremer  b Richard Ngarava 0 5 0 0 0.00
Kusal Mendis run out () 6 12 0 0 50.00
Kusal Perera c Richard Ngarava b Tinotenda Maposa 4 5 0 0 80.00
Bhanuka Rajapakse b 11 18 0 0 61.11
Dasun Shanaka c & b 34 25 0 0 136.00
Kamindu Mendis b 9 9 0 0 100.00
Wanindu Hasaranga c & b 8 13 0 0 61.54
Dushmantha Chameera c & b 1 2 0 0 50.00
Maheesh Theekshana b 8 16 0 0 50.00
Eshan Malinga c & b 1 6 0 0 16.67
Nuwan Thushara not out 1 9 0 0 11.11
Extras 12 (b 2 , lb 4 , nb 0, w 6, pen 0)
Total 95/10 (20 Overs, RR: 4.75)
Bowling O M R W Econ
Richard Ngarava 4 0 15 2 3.75
Tinotenda Maposa 3 0 17 1 5.67
Brad Evans 4 0 9 3 2.25
Sikandar Raza 4 0 23 1 5.75
Graeme Cremer  4 0 17 1 4.25
Ryan Burl 1 0 8 1 8.00

තරගාවලියේ තෙවැනි තරගය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය සෙනසුරාදා (22) පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, එමෙන්ම තරගාවලියේ සියලු තරග ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<