එංගලන්තය සමඟ ගැටෙන ශ්‍රී ලංකා එක්දින සංචිතය ප්‍රකාශයට පත් කරයි!

England Tour Of Sri Lanka 2026

3

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා එක්දින සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක හට හිමි වී ඇති අතර, ධනංජය ද සිල්වා වසර දෙකකට අධික කාලයකට පසුව ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීම මෙවර සිදු වී ඇති කැපී පෙනෙන වෙනස ලෙස සඳහන් කළ හැකි. 

කෙසේ වෙතත් පාකිස්තානය සමඟ එක්දින තරගාවලියට සම්බන්ධ වූ ලහිරු උදාර මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචිතය; 

චරිත්අ සලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, දුනිත් වෙල්ලාලගේ, අසිත ප්‍රනාන්දු, එශාන් මාලිංග, ප්‍රමෝද් මදුශාන් සහ මිලාන් රත්නායක  

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, එම තරග හෙට (22), 24 සහ 27 යන දිනවල දී ක්‍රියාත්මක වනු ඇති. 

මෙම තරගාවලිය පිළිබඳ  සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<