ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔවුන්ගේ නවතම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් (ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස) ශ්‍රේණිගත කිරීම් අද (1) නිකුත් කළේය. මීට පෙර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව නවතම ටෙස්ට් වර්ගීකරණයට අනුව 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය Covid වැට පනියි ද?
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ..
මෙම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන (update) කර ඇත්තේ 2016-17 වර්ෂවල පැවැත්වූ තරග ප්‍රතිඵල සලකා බැලීමකින් තොරව වීම විශේෂත්වයකි. ඒ අනුව 2017 සිට මේ දක්වා පැවති තරග ප්‍රතිඵල මත මෙම නවතම ක්‍රිකට් වර්ගීකරණය යාවත්කාලීන වී තිබේ.
ඒ අනුව ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර ටෙස්ට් (ප්‍රසාද ලකුණු 16) සහ විස්සයි විස්ස (ප්‍රසාද ලකුණු 278) කණ්ඩායම් වර්ගීකරණයේ පළමු ස්ථානය දිනාගෙන තිබෙන අතර එක්දින අංශයේ පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 127ක් දිනා සිටින එංගලන්තයයි.
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ 5 වැනි (ප්‍රසාද ලකුණු 91) තැන ශ්‍රී ලංකාව දිනා ගන්නා විට එක්දින සහ විස්සයි විස්ස තරග රටා තුල කණ්ඩායම් වර්ගීකරණයේ දී පිළිවෙළින් 8 (ප්‍රසාද ලකුණු 85) සහ 7 (ප්‍රසාද ලකුණු 230) වැනි ස්ථාන ශ්‍රී ලංකාව විසින් දිනා ගෙන ඇත.
Video – Hawk-eye සිට T20 දක්වා | ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ නව ප්‍රවණතා
ලෝකයේ ඇති අනිකුත් සියලුම දේ වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් කාලයක් තිස්සේ තාක්ෂණය සහ අනිකුත්..
මෙතෙක් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානය දිනාගෙන සිටි ඉන්දියාව 2016/17 තරග වාරය තුල පැවති ටෙස්ට් තරග 12න් 11ක්ම ජය ගෙන සිටි නමුත් නවතම යාවත්කාලීන කිරීමත් සමඟ එම තරග වාරය ඉවත්ව යන නිසාවෙන් ඔවුන් නවතම ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ තෙවැනි ස්ථානය දක්වා පහතට ඇද වැටී තිබෙන්නේ ප්‍රසාද ලකුණු 114ක් ද ලබාගෙන තිබෙන පසුබිමකයි. එහි දෙවැනි තැන නවසීලන්තය (ප්‍රසාද ලකුණු 115) විසින් දිනාගෙන ඇත.
ICC නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ එංගලන්තය (ප්‍රසාද ලකුණු 127) වන අතර එහි දෙවන සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ඉන්දියාව (ප්‍රසාද ලකුණු 119) සහ නවසීලන්තය (ප්‍රසාද ලකුණු 116) විසින් දිනා ගෙන තිබේ.
විස්සයි විස්ස අංශය සලකා බැලීමේ දී ප්‍රසාද ලකුණු 278ක් ලබාගෙන සිටින ඕස්ට්‍රේලියාව පෙරමුණේ පසුවේ. එංගලන්තය (ප්‍රසාද ලකුණු 268) සහ ඉන්දියාව (ප්‍රසාද ලකුණු 266) පිළිවෙළින් එහි දෙවන සහ තෙවැනි ස්ථාන දෙක දිනාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 2ක පරතරයක් සමඟිනි.
MRF Tyres ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම (2020 මැයි 1 වැනිදා වන විට)

MRF Tyres ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම (2020 මැයි 1 වැනිදා වන විට)


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




























