කඩුල්ලත්, ප්‍රයාමයත් එක සේ තරණය කළ ශක්තිමත් ගැහැණිය – සුගන්ධි

764

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” යැයි කියමනක් සිංහල ව්‍යවහාරයේ තිබුණ ද මලල ක්‍රීඩාවේ දී නම් බොහෝ විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉසව් තුනකට, එසේත් නැතිනම් සත්ප්‍රයාම හෝ දසප්‍රයාම වලට පෙලඹීම සාමාන්‍ය දෙයක්. මේ ප්‍රයාම ඉසව් දෙකකින් එකක් හෝ කරන ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සාමාන්‍යයෙන් සෙසු ඉසව් වෙනුවෙන් තම මහන්සිය වැය කරන්නේ කලාතුරකිනි. නමුත් පසුගිය දා නිමාවුණු ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී එවන් දක්ෂතා ඇති ක්‍රීඩිකාවක් ගැන කසුකුසුවක් අසන්නට ලැබුණි.. ඒ ලක්ෂිකා සුගන්ධි ගැනයි.

නව ශ්‍රී ලංකා වාර්තා 4ක් හා තරගාවලි වාර්තා 11ක් සමඟින් මලල ක්‍රීඩාව ඉදිරියට

96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් දිනය අද (05) සුගතදාස ක්‍රීඩා පිටියේ දී පැවති අතර දිනය අවසානයේ දී තරග…

රයිගම් කෝරලයෙන් ජාතික තලයට පිවිසි ලක්ෂිකා ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් පසුගිය දා නිමාවුණු ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සත්ප්‍රයාම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් සේම මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව වෙනුවෙන් ඇයගේ හොඳම කාලය ද වාර්තා කරමින් “ග්ලුකොෆිට් අභියෝගතා” ශූරතාවය හෙවත් දක්ෂතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගන්නට සමත් විය.

නිමාවුණු ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ඇයගේ ප්‍රථම ඉසව්ව ලෙස මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව වෙනුවෙන් ඇය සහභාගී වූ අතර පසුගිය දා පැවති ජාතික තේරීම් තරගාවලියේ දී ද මෙම ඉසව්වේ ජයග්‍රාහිකාව බවට පත්වූ ලක්ෂිකා, ඉරේෂානි රණසිංහ අභිබවා යෑමට සමත් වූ අතර ඒ නිසාම ආරම්භයේ සිටම ඇයට දැඩි පීඩනයක් එල්ල වෙනු පෙනෙන්නට තිබුණි.

ඉසව්වේ අවසන් මීටර් 50ට එලඹෙත්ම තරගයේ ඉදිරිය තමන් වෙත නතුකර ගත් ලක්ෂිකා තරගය අවසන් කළේ ඉසව්ව වෙනුවෙන් ඇය වාර්තා කළ හොඳම කාලය ද වාර්තා කරමිනි. මෙහි දී ඇය තත්පර 13.92ක කාලයක් වාර්තා කළ අතර පෙර තරගාවලියේ ඇයව පැරද වූ ඉරේෂානි හට දෙවන ස්ථනයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

E No 304 100m Hurdles Women Final
Place BIB Name of Athlete Affiliate Performance Remarks
1 674 WVL SUGANDI SL ARMY 13.92 +1.3
2 685 RAIS RAJASINGHE SL ARMY 14.11
3 801 NGPR GUNATHILAKA KEGALLE DAA 14.72
4 697 JGKP NETHMINI SL ARMY 15.56
5 725 HGRM THILAKASIRI SL AIR FORCE 16.37

සත් ප්‍රයාම ඉසව්ව ඇය සහභාගී වූ දෙවැනි ඉසව්වයි. මේ ඉසව්වට තරග 7ක් ඇතුලත් වන අතර ඒවා නම් මීටර් 100 කඩුලු මතින් දිවීම, උස පැනීම, යගුලිය දැමීම, මීටර් 200, දුර පැනීම, හෙල්ල විසිකිරීම, මීටර් 800 ඉසව්ය. මේ සියලු ඉසව් සඳහා සහභාගී වෙමින් වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගන්නා ක්‍රීඩිකාව ඉසව්වේ ජයග්‍රාහකයා වේ.

2016 සිට සත්ප්‍රයාම ඉසව්ව වෙනුවෙන් සහභාගී වන ලක්ෂිකා හිටපු මීටර් 100 කාන්තා සහය දිවීමේ කණ්ඩායමේ ද සාමාජිකාවකි. ඒ නිසාම ඇය මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී තත්පර 14.30ක කාලයක් වාර්තා කර  ලකුණු 936ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු ලබා ගැනීම ආරම්භ කළාය. ඉන්පසු උස පැනීමේ ඉසව්වේ දී ඇය මීටර් 1.45ක දක්ෂතාවයක් වාර්තා කරමින් ලකුණු 566ක් වාර්තා කළාය.

BIB 100mH High Jump Shot Put 200m Long Jump Javelin Throw 800M Total Pos
674 1 14.30 1 1.45 1 8.83 1 24.82 1 5.85 1 30.70 1 2:25.25
936 566 453 903 804 490 754 4906 1
  1502 1955 2858 3662 4152 4906    
775 3 16.07 2 1.60 2 8.02 2 26.08 2 5.62 2 25.07 2 2:44.63   2
706 736 401 792 735 384 521 4275
  1442 1843 2635 3370 3754 4275  
666 2 15.98 3 1.54 3 8.48 3 27.82 3 4.99 3 31.62 3 2:43.61   3
717 666 430 645 557 507 531 4053
  1383 1813 2458 3015 3522 4053  
679 4 17.91 4 1.60 4 7.27 4 29.82 4 4.75 4 16.63 4 2:39.87   4
498 736 352 495 492 227 574 3374
  1234 1586 2081 2573 2800 3374  

ඉන්පසු යගුලිය දැමීමේ ඉසව්වේ දී මීටර් 8.83ක දක්ෂතාවයක් වාර්තා කළ ඇය  හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී ද මීටර් 30.70ක දක්ෂතාවයක් වාර්තා කළා.

ඇයගේ වාසිදායක තරග ඉසව් ලෙස කෙටිදුර ඉසව් දැක්විය හැකි අතර මීටර් 100 කඩුලු ඉසව්ව සේම ඇය මීටර් 200 ඉසව්වේ දී තත්පර 24.82 ක කාලයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 903ක් ලබා ගත්තාය. මීටර් 800 ඉසව්ව හා දුර පැනීමේ ඉසව්වල දී ද පිළිවෙළින් ප්‍රසාද ලකුණු 754ක් හා ලකුණු 804ක් වාර්තා කළ ඇය අවසානයේ ලබා ගත් මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4906ක්.

එ අනුව සමස්ත ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගත් ඇය නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත් විය. ඉසව්වේ දෙවන ස්ථානය ඇයට වඩා ලකුණු 600කටත් එපිටින් සිටීම ඇයගේ දක්ෂතාවයට කදිම නිදසුනකි.

E No 223 Heptathlon Women Final
Place BIB Name of Athlete Affiliate Performance Remarks
1 674 WVL SUGANDI SL ARMY 4906 *NSLR   *NMR
2 775 BGS HARSHANI JAYAKANTHA GOVERNMENT SERVICES AF 4275
3 666 PSN FERNANDO SL ARMY 4053
4 679 HMD HERATH SL ARMY 3374
Photo credits- Satyavijayi

පසුගිය වසරේ දී ඇය ප්‍රථම වරට ජාතික වාර්තාව අලුත් කළ අතර මෙවර ඇය තමාගේම ජාතික වාර්තාව යාවත්කාලීන කිරීමට සමත් විය. 2016 වසරේ ඉන්දියාවේ ගුවාහ්ටි නුවර දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100X4 සහය දිවීමේ කාන්තා රන් පදක්කම දිනූ තරගයේ ආරම්භක මීටර් 100 ධාවනය කළ ක්‍රීඩිකාව ලක්ෂිකා වීම ද විශේෂත්වයකි. තවමත් 27 හැවිරිසි වියේ පසුවන ඇය මේ වන විට දී යුධ හමුදා මලල ක්‍රීඩා සංචිතයට ද නැතුවම බැරි ක්‍රීඩිකාවකි.

 

වසන්ත සර්ගේ කැපවීම තමයි මාව මේ මට්ටමට ගෙනාවේ – ලක්ෂිකා සුගන්ධි

කාන්තා සත්ප්‍රයාම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ලක්ෂිකා සුගන්ධි සිය ක්‍රීඩා දිවිය, අනාගත අපේක්ෂා සහ සිය පුහුණුකරු වන වසන්ත කුමාර පිළිබඳව …

අනාගතයේ දී මලල ක්‍රීඩාවේ ප්‍රයාම ඉසව් වෙනුවෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් ගෙන එන්නටත්, මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් ජයග්‍රහණ ගෙන එන්නටත් ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා’යි ThePapare.com ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<