චරිත් අසලංක ශතකයකට පියනගයි

1855

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් විටත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වැඩි වාසිය හිමි වූ අතර අද (3) දිනයේ දී චරිත් අසලංකගේ පිතිකරණයෙන් දිනය වර්ණවත් විය.

කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා …

හම්බන්තොට දී පැවැත්වෙන මේ තරගය ඊයේ (2) දිනයේ දී ආරම්භ වූ මේ තරගයේ දී දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 216කට සීමා විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම දියත් කිරීම වෙනුවෙන් අද දෙවන දිනයටත් පිටියට පැමිණෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිස්සංක ලකුණු 4*ක් ලබාගෙන සිටියේය.

දිනය ආරම්භ වී ශ්‍රී ලංකා ලකුණු සටහනට තවත් ලකුණු 4ක් එකතු වූ පසුව ලකුණු 7ක් ලබා සිටි නිස්සංක ලදෝ සිපම්ලාගේ පන්දුවකට රයන් රිකෙල්ටන් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන ලදි. ලකුණු 73ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් දැවී ගොස් තිබුණි. එතැන් සිට පිටියේ එක්වූ බිනුර ප්‍රනාන්දු හා චරිත් අසලංක 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක් සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන යම් ස්ථාවර මට්ටමකට රැගෙන ආ අතර 4 පහර 4ක් සමඟ ලකුණු 23ක් ලබා සිටි බිනුර ප්‍රනාන්දු ලකුණු 23කට දැවී ගියේය.

ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ගොඩනැංවුණු හොඳම සබඳතාවය වාර්තා වූයේ. ඒ සඳහා චරිත් අසලංක හා සම්මු අශාන් දායක වූ අතර  දෙදෙනා දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ යවන්න හමුවේ ඉතාමත් හොඳ පිතිකරණයක නිරත විය. එසේ සාර්ථක ලෙස පිතිකරණයේ නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙස 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සබඳතාවයක් ගොඩනැගුනේය. එම සබඳතාවයට ජීවය දුන් සම්මු අශාන් 4 පහර 8ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 61ක් ලබාගෙන සිටිය දී ශ්‍රී ලංකා ඉනිමේ 6 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. පන්දුවෙන් ද දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 31යි.

නිපුන් සහ පසිඳු ඉන්දීය යෞවනයෝ ග්‍රහණයට ගනිති

නායක නිපුන් දනංජය සහ පසිඳු සූරියබණ්ඩාර එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු සබඳතාව හේතුවෙන් අද (02) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී නිමා…

ශ්‍රී ලංකා පළමු ඉනිම පුරාවට පිතිකරණයෙන් දස්කම් දැක්වූ චරිත් අසලංක ඉතාමත් හොඳින් පන්දු තෝරා බේරාගෙන පන්දුවට පහර දෙන ලද්දේ සිය ලකුණු ගිණුමට ශතකයක් එක්කාසු කරගනිමිනි. පුරා මිනිත්තු 301ක් පුරාවට වර්ණවත් වූ අසලංක ලකුණු 100ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට 4 පහර 9ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 319ක් ලබාගන්නා ලදි. පන්දු යැවීමේ දී ලදෝ සිපම්ලා කඩුලු 4ක් දවා ගනිමින් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 103ට එදිරිව පිළිතුරු ලෙස සිය දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සිය දෙවන ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පැමිණි අතර දිනය අවසන් වන විට ඔවුන් කිසිවෙක් නොදැවී ලකුණු  47ක් ලබාගෙන තිබුණේ ශ්‍රී ලංකා ඉනිමට වඩා තවත් ලකුණු 56ක් පසුපසින් සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින ටෝනි ඩී සොර්සි හා රයන් රෙකිල්ටන් පිළිවෙළින් ලකුණු 25*ක් හා ලකුණු 20*යි.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම – 216 (64.3): රයන් රිකෙල්ටන් 51, නන්ද්‍රේ බර්ගර් 31, ජෝර්ජි මහලොක්වානා 29, කමිඳු මෙන්ඩිස් 4/32.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම – 319 (92): චරිත් අසලංක 100, සම්මු අශාන් 61, කෞශාල් සිල්වා 34, කමිඳු මෙන්ඩිස් 31, ලදෝ සිපම්ලා 4/75.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම දෙවන ඉනිම (තෙවන දිනය අවසානයේ) – 47/0 (11): ටෝනි ඩී සොර්සි 25*, රයන් රෙකිල්ටන් 20*

හෙට (4) තෙවැනි දිනය වෙනුවෙනුත් මේ තරගය ක්‍රියාත්මක වන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමට හැකිය. එහි තරග තොරතුරු ද ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<