ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (22) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ලකුණු 95ක ජයග්‍රහණයක් දඹුල්ල ක්‍රීඩකයන්ට සතු කරමිනි. තරගයේ ප්‍රතිවාදීන් වූයේ ගාල්ල ක්‍රීඩකයෝ ය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 179ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ රැස් කළේ සියලුම දෙනා ලකුණු 84ක් පමණයි.
>> සුපිරි පන්දුවාරයෙන් කෙළවර වූ තරගයේ ජය කොළඹට
දඹුලු ඉනිමේ දී පෙර දා ශතයක් රැස් කළ අශාන් ප්‍රියන්ජන් නැවත ලකුණු අතර පිවිසෙමින් ලකුණු 57ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම පන්දු 41කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඇතුලත් වුනා.
දඹුල්ල ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 14ක් ලබා සිටිමින් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටිය දී පිටියට පිවිසෙමින් සධීර සමරවික්‍රම එක් වූ අශාන් ප්‍රියංජන් තෙවැනි කඩුල්ලට ලකුණු 101ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතරින් සධීර පළමුවෙන්ම දැවී යන විට ලකුණු 48ක් ලබා සිටියා ඔහුගේ ඉනිම පන්දු 37කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 7ක් අතුලත් වුනා.
ඔවුන් දෙදෙනාගෙන් අනතුරුව ලකුණු පුවරුවට ජවයක් සහිත ලකුණු ප්‍රමාණයක් එක් කළේ හසිත බෝයගොඩ සහ නායක ඉසුරු උදාන ය. ඔවුන් දෙදෙනාගෙන් තරගය නිමා වෙද්දී හසිත බෝයගොඩ පන්දු 17ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් රැස් කළා.
අනෙක් පිතිකරු නායක ඉසුරුට රැස් කළ ගත හැකි වූයේ ලකුණු 25ක් පමණයි. පන්දු 11ක දී එක්වූ මෙම ඉනිම ප්‍රතිවාදීන්ට නම් කාලෙකින් පසු ඉවසාගත නොහැකි ඉනිමක් වෙන්නට ඇති. පන්දු 11ක දී වාර්තා වූ මෙම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුලත් ය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තම ඉනිම අවසන් කළේ සියලුම දෙනා දැවී ලකුණු 101ක් ලෙසින් සටහන් වෙද්දී. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දිමුත් කරුණාරත්න. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 17ක්. ඔහු මේ වෙනුවෙන් පන්දු 22කට මුහුණ දෙනවා.
>> අළු ගසා දමා අවදි වූ ඉන්දියානුවන්ට දැවැන්ත ජයක්
ඔහුට අමතරව නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 13 බැගින් ලබා ගත්තා. අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත.
කඩුලු දඩයමේ දී සාර්ථකම දඩයක්කරු වෙන්නේ ධනුෂ්ක ගුණතිලක ය. ඔහු ලකුණු 21කට කඩුලු 4ක් දවා ගන්නවා. ඊට අමතරව වනිඳු හසරංග ලකුණු 11කට කඩුලු 3ක් දවා ගන්නවා.
අශාන් ප්‍රියංජන් සහ ලක්ෂාන් සඳකැන්ට හිමි වූයේ කඩුල්ල බැගින්.
දඹුල්ල; කඩුලු 6ක් දැවී 179 (20.0) සධීර සමරවික්‍රම 38, අශාන් ප්‍රියංජන් 57, හසිත බෝයගොඩ නොදැවී 29, ඉසුරු උදාන 25, ධනංජය ද සිල්වා 2/11, කසුන් රාජිත 2/47
ගාල්ල; සියලුම දෙනා දැවී 84 (17.5) දිමුත් කරුණාරත්න 17, ධනුෂ්ක ගුණතිලක 4/21, වනිඳු හසරංග 3/11
මෙම තරගාවලියේ තවත් තරග දෙකක් මේ මස 25දා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<