ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් Rebuilding Sri Lanka වෙනුවෙන් රුපියල් මිලියන 300ක්

1
Sri lanka cricket donates 300 million rupees for rebuilding sri lanka program

සභාපති ශම්මි සිල්වා මහතා සහ විධායක කමිටුවේ මග පෙන්වීම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් Rebuilding Sri Lanka අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත දිනූ ක්‍රීඩාව ලෙස වැජඹෙන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මෙම ජාතික වගකීම ඉටු කිරීමට ඔවුන් තීරණය කර තිබුණා.

දිට්වා සුලි කුණාටුව නිසා ආපදාවට පත් වූ ජනතාවට අවශ්‍ය හදිසි පහසුකම් සැලසීමේ පටන්, ඔවුන්ගේ දෛනික ජීවිතය නැවත යතා තත්වයට රැගෙන ඒම දක්වා සිදු වන භාර දූර වගකීම් සමූහය වෙනුවෙන් වත්මන් රජයට මෙය සහයක් වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාසය පළ කරනවා.

එමෙන්ම රටේ ප්‍රගතිය වෙනුවෙන් කැප වන වගකීම් සහිත ආයතනයක් ලෙස සහ ජාතිය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටිමින් අවශ්‍ය ඕනෑම මොහොතක සිය සහය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානමින් සිටින බව එහි සභාපති ශම්මි සිල්වා මහතා නැවත වරක් අවධාරණය කර තිබුණා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<