රාගම සහ වරාය ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කරති

107

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග හේතුවෙන් වැඩි අවධානයක් නොමැති වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (11) පැවති අතර එහි දී රාගම ක්‍රිකට් සමාජයට කඩුලු 8ක ජයග්‍රහණයක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායමට ලකුණු 54ක ජයග්‍රහණයක් හිමි විය.

කාලගුණය හරස් වෙද්දීත් මේරියන්ස් සහ එන්. සී. සී. ජයග්‍රහණ වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් අද (10) ආරම්භ වූ අතර එහි දී පැවති තරග…

දිනයේ කැපී පෙණෙනම ක්‍රීඩකයා බවට පත් වූයේ 27 හැවිරිදි උදාර ජයසුන්දර ය. රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන උදාර ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමට එරෙහිව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා විය. වමතින් දඟපන්දු යැවූ උදාර ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 37කට දවා ගැනීමටත්, පන්දුවට පහර දීමේ දී පන්දු 67ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 73ක් වාර්තා කිරීමටත් සමත් විය.

මෙම දක්ෂතාවට අමතරව පිතිකරුවන් ලෙසින් අද දවසේ අර්ධ ශතක රැස් කරමින් දක්ෂතා දැක්වීමට රාගම ක්‍රිකට් සමාජයේ ලහිරු මිලන්ත (88), වරාය අධිකාරිය කණ්ඩායමේ නික් කොම්ප්ටන් (75), රමේෂ් නිමන්ත (60) සහ මධුක ලියනපතිරණගේ (නොදැවී 68) ද, කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයේ හෂාන් ප්‍රභාත් (79) ද සමත් වූහ.

පන්දු යැවීමේ දී කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයේ මනෙල්ක ධර්මදාස ලකුණු 51කට කඩුලු 5ක් දවා ගත් අතර වරාය අධිකාරිය කණ්ඩායමේ රනේෂ් පෙරේරා ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත්හ.

නාවික හමුදාව සහ රාගම අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයේ දී පන්දු 139ක් ඉතිරිව තිබිය දී කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ වරාය අධිකාරිය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 185ක් පමණි. එක් අන්තයකින් ඉනිමේ විනාශකාරී පන්දු යැවීමක නිරත වූ උදාර ජයසුන්දරට එක් වූ සහන් ආරච්චිගේ ද ඊට එක් වෙමින් කඩුලු 2ක් දවා ගත්තේය.  

පිළිතුරු ඉලක්ක ගත ඉනිම 27 වැනි පන්දු වාරයේ දී සපුරා ගැනීමට සමත් වූ රාගම ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 157කි. උදාර සමඟින් ලහිරු ඒ වෙනුවෙන් කඳවුරු බැද ගත්හ. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 125ක් පමණි. උදාර ජයසුන්දරගේ අර්ධ ශතකයකට අමතරව ලහිරු මිලන්ත පන්දු 65ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 88ක් රැස් කරන්නේය.

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම; සියලුම දෙනා දැවී 185 (45.0) බුද්ධික හසරංග 31, කුසල් එදිසූරිය 37, දුෂාන් හේමන්ත 26, ශතික් නිමල්ෂ 27, උදාර ජයසුන්දර 6/37, සහන් ආරච්චිගේ 2/30

රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 2ක් දැවී 191 (26.5) උදාර ජයසුන්දර 73, ලහිරු මිලන්ත 88, ලහිරු තිරිමාන්න නොදැවී 17

කුසල්ලාගේ සිහින රහීම්ගේ ප්‍රහාරයෙන් සුනුවිසුනු වෙයි

බංග්ලාදේශ පිලේ වගකීම තනි අතට ගනිමින් පන්දු 35ක දී මුෂ්ෆිකර් රහීම් විසින් රැස් කරන ලද ලකුණු 72ක ඉනිම හේතුවෙන් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ…

වරාය අධිකාරිය සහ කුරුණෑගල අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 54ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වරාය අධිකාරිය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ කුරුණෑගල යොවුන් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වරාය අධිකාරිය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 271ක් ලබා ගත්තේය. එම ඉනිමේ දී විදෙස් ක්‍රීඩක නික් කොම්ප්ටන් පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 75ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

ඊට අමතරව දකුණත් පිතිකරු මධුක ලියනපතිරණගේ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තේය. රමේෂ් නිමන්ත රැස් කළ ලකුණු සංඛ්‍යාව 60කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 71ක් වැය කළ අතර හතරේ පහර 6ක් ඊට ඇතුළත් කළේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කුරුණෑගල යොවුන් ක්‍රීඩකයන් සිය පන්දුවාර 50 අවසානයේ රැස් කර ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 217ක් පමණි. එම ඉනිමේ දී හෂාන් ප්‍රභාත් පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී රනේෂ් පෙරේරා ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත්තේය.

වරාය අධිකාරිය කණ්ඩායම; කඩුලු 9ක් දැවී 271 (50.0) නික් කොම්ප්ටන් 75, රමේෂ් නිමන්ත 60, මධුක ලියනපතිරණගේ නොදැවී 68, මනෙල්ක ධර්මදාස 5/51

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 217 (50.0) චරිත් මෙන්ඩිස් 46, හෂාන් ප්‍රභාත් 79, රුවන්ත ඒකනායක 35, රනේෂ් පෙරේරා 4/19, රමේෂ් නිමන්ත 2/34

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<