නාවික හමුදාවට පළමු තරගයෙන්ම ජය හිමිවේ

223

.

පළමු මට්ටමේ තරග අරඹමින් තරගාවලියේ දෙවන දිනයේ තරග බිමට පිවිසියේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායමයි.

ගම්පහ කණ්ඩායම තරගාවලියේ පළමු තරගයේ අවසන් මොහොතේ ලද පරාජයෙන් පසුව  දෙවන තරගයට මුහුණු දුන් අතර නාවික හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේ මුහුණ දුන් පළමු තරගය මෙය විය.

දෙවන තරගය කෙසේ හො ජය ගැනීමේ අරමුණ පෙරදැරිව තරගයට පැමිණි ගම්පහ ක්‍රීඩකයින් තරගයේ පළමු කාර්තුව ක්‍රීඩා කල ආකාරය දෙස බැලු විට එය මනාව පසක් වේ.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

වේගවත් නොවූ එහෙත් සංවිධානාත්මක බවකින් යුක්ත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල ගම්පහ කණ්ඩායම තරගයේ පළමු කාර්තුව තුල තම අණසක පැතිර වූයේ නාවික හමුදා කණ්ඩායමට හිස එසවීමට හො ඉඩක් නොතබමිනි.

තරගයේ පළමු කාර්තුව ලකුණු 18 – 08ක් ලෙස නිමා වූයේ ගම්පහ ක්‍රීඩකයින් ඉදිරියෙන් තබමිනි.

තරගයේ ස්වභාවය තේරුම් ගත් නාවික හමුදා ක්‍රීඩකයින් තරගයේ දෙවන කාර්තුව ආරම්භයේ පිටියට පිවිසියේ වෙනස් වූ සැලසුම් සමුහයක් පෙරදැරිවය.

Photos: 51st Senior Nationals 2017 | Level I | Day Two

තම ආරක්ෂාකාරී පියවර තවත් ඉදිරියට ගෙන යමින් ප්‍රතිවාදීන් ලකුණු ලබා ගැනීම අවම කිරීමට නාවික හමුදා ක්‍රීඩකයින් මෙහි දී සමත් වූ අතර තම කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කල U. රාජකරුණා තම කණ්ඩායම කාර්තුව අවසානයේ ප්‍රබල තත්වයකට ඔසවා තැබීමට සමත් විය. නමුත් අවසන් මොහොතේ තරගයේ පෙරමුණ ගැනීමට ගම්පහ කණ්ඩායම් සමත් විය.

තරගයේ පලමු අර්ධය අවසානයේ ලකුණු සටහන ලකුණු 32 – 29ක් ලෙස දැක්විය

ලකුණු 3ක් පිටුපසින් සිට තරගය ඇරඹූ නාවික හමුදා කණ්ඩායම දෙවන කාර්තුවේ දියත් කල ක්‍රීඩා විලාශය නැවතත් පෙන්නුම් කල අතර ගම්පහ කණ්ඩයම තුලින් පළමු කාර්තුවේ ප්‍රදර්ශනය වූ දක්ෂතා පිළිඹිබු නොවීම තෙවන කාර්තුවේ විශේෂ සිදුවීමක් විය.

නැවතත් ක්‍රියාත්මක වූ නාවික හමුදා ක්‍රීඩක U. රාජකරුණා නැවත ලබා ගැනීම් වැඩි ගණනක් වාර්තා කිරීම හේතුවෙන් නාවික හමුදා කණ්ඩායම ට ලකුණු ලබාගැනීමට තිබූ දෙවන අවස්ථා ප්‍රමාණය ඉහල නැංවිය. ඒ හේතුවෙන් නාවික හමුදා කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

තරගයේ අවසන් කාර්තුවේ ලකුණු පරතර වැඩි කරගත් නාවික හමුදා ක්‍රීඩකයින් ගම්පහ කණ්ඩායමට තරගාවලියේ දෙවන පරාජය උරුම කිරීමට සමත් විය.

තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 66 – 56ක් ලෙස දැක්විය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට