තරගාවලියේ සිව්වැනි දිනයේ තරග ආරම්භ කරමින් කොළඹ පොලිස් පැසිපන්දු පිටියේ දී තරගය 3ක් පැවැත්වීමට නියමිතව තිබුනත්, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිනයේ පළමු  තරගය කල් දැමීමට තීරණය කරන ලදි.

යුධ හමුදා කණ්ඩායම හා සත්කාරක පොලිස් කණ්ඩායම අතර පැවැත්වීමට තිබු තරගය මෙසේ අතහැර දැමූ අතර සවස් කාලයේ කාලගුණය නැවතත් යහපත් අතට හැරෙන්නට වීම නිසා අනෙක් තරග සුපුරුදු පරිදි පැවැත්වීමට තීරණය කරන ලදී.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team.

වෙළඳසේවා කාන්තා කණ්ඩායමට එරෙහිව ගුවන් හමුදා කාන්තා කණ්ඩායම

තරගාවලියේ කාන්තා අංශයේ මෙතෙක් පැවති තියුණුම තරගය මෙය ලෙස සඳහන් හැකිය. ප්‍රබල කණ්ඩායම් දෙකක් තරග වැදුණු මෙහි දී කණ්ඩායම් දෙකම අපරාජිතව තරගයට එක් වීම ද විශේෂත්වයකි.

තරගයේ ආරම්භය තරමක් මන්දගාමී වූ අතර ක්‍රීඩා පිටිය තුල ඒ මොහොතේත් තරමක වැසි ජලය දක්නට ලැබුණි. දෙවන අර්ධය තුල තරමක් වේගයෙන් ලකුණු රැස් කල වෙළඳසේවා කණ්ඩායම තරගයේ පළමු අර්ධය අවසානයේ පෙරමුණ ගැනීමට සමත් විය.

තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු තත්වය 28-16ක් ලෙස දැක්විය.

දෙවන අර්ධයේ තම ප්‍රහාරාත්මක බව තවත් ඉස්මතු කළ වෙළඳසේවා කණ්ඩායම තරගයේ අවසන් කාර්තුව වන විට තවදුරටත් පෙරමුණේ  රැඳී සිටීමට සමත් විය. කෙසේ වෙතත් තරගය අවසන් වූයේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට පළමු පරාජය හිමි කර දෙමිනි.

තරගය අවසානයේ ලකුණු සටහන 63-46ක් ලෙස දැක්විය.


නාවික හමුදා කණ්ඩායම හා කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම

දිනයේ අනෙක් තරගය කොළඹ කණ්ඩයම හා නාවික හමුදාව සමඟ පැවති අතර කණ්ඩායම් දෙකටම තරගාවලිය තුල තවදුරටත් රැදී සිටීමට මෙම තරගය වැදගත් විය.

තරගය තරමක් තරගකාරී වූ අතර යොවුන් ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත නාවික හමුදා කණ්ඩායමෙහි දක්ෂතා ඉස්මතු වූ අතර කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම ද කරට කර තරගයක යෙදෙනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 31-28ක් ලෙස පෙරමුණ ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගේ දායකත්වය ලද කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම තෙවන කාර්තුවේ දී තම ක්‍රීඩා රටාව තරමක් වෙනස් කරමින් තරග වදිනු දක්නට ලැබුණු අතර තෙවන කාර්තුව අවසන් වන විට ලකුණකින් තරගයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය.

අවසන් කාර්තුවේ දී නැවතත් තරගයට අවතීර්ණ වූ කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩකයින් තම ලකුණු රැස් කිරීමේ වේගය තවත් වැඩිකරගත් අතර නාවික හමුදා කණ්ඩයම තමන්ගේ සුපුරුදු රිද්මයෙන් තොරව ක්‍රීඩා කරන බවක් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් තරගය ලකුණු 62-55ක් ලෙස ජය ගැනීමට කොළඹ දිස්ත්‍රික් කණ්ඩයම සමත් වූයේ ඔවුන්ගේ අපරාජිත බව ද රැක ගනිමිනි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට