ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගයේ 2 වැනි දිනය (14) අවසානයේ දී සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 241ක් ලබා සිටියා.
ඒ අනුව ඔවුන්ට, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 31ක් පමණයි. Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 272ක් පමණයි.
අද උදෑසන ම පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ලේ ආයුෂ රැඳී තිබුණේ ලකුණු 34ක් දක්වා පමණයි. ප්‍රමෝද් මධුශාන් ගේ පන්දුවකට කමිල් මිෂාර වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් Campbell Kellaway ඊට ගොදුරු වූවා. ඒ වෙද්දී ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා සිටියා.
අනතුරු ව 2 වැනි කඩුල්ල සඳහා ලකුණු 48ක සබඳතාවක් එක් කිරීමට Jake Weatherald සහ Nathan McSweeney සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතුරින් Jake Weatherald පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
එම කඩුල්ල දවා ගැනීමේ ගෞරවයේ එක් කොටස්කරුවෙක් බවට කමිල් මිෂාර නැවතත් පත් වෙද්දී පන්දු යැවීමේ ගෞරවය ලබා ගන්නේ මොහොමඩ් ශිරාස්.
ඔස්ට්‍රේලියා ඉනිමේ 3 වැනි සහ 4 වැනි කඩුලු දවා ගැනීමට සොනාල් දිනූෂ සමත් වූවා. එහි දී ඔහු පළමුවෙන් ම තමන්ගේ ගොදුර බවට පත් කර ගන්නේ Kurtis Patterson. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට ගොදුරු වෙනවා.
ඒ වෙද්දී Kurtis Patterson සහ Nathan McSweeney 3 වැනි කඩුල්ලට ලකුණු 45ක් එක් කර තිබුණා.
එම දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 9 වැනි පන්දුවේ දී Jason Sangha ලකුණු නොලබා ම සොනාල් දිනූෂට ගොදුරු වෙනවා. ඒ සංචාරක කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර වෙතට උඩ පන්දුවක් ලබා දීමත් සමඟිනුයි.
- සොනාල් පළමු දිනයේ වීරයා වේ
- ශ්‍රී ලංකාව වනිඳු නොමැතිව T20 සටනට පිවිසෙයි
- Panadura ක්‍රීඩකයන්ගෙන් NCC ට දැවැන්ත ප්‍රහාරයක්
- අවාසනාව පරාජය කරන්නට කමිල්ට බැරි වෙයි
- ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා A සංචිත නම් කරයි
අනතුරු ව 5 වැනි කඩුල්ල සඳහා නොදැවුණ ලකුණු 114ක සබඳතාවක් එක් කිරීමට Nathan McSweeney සහ Liam Scott සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතුරින් Nathan McSweeney මේ වෙද්දී පන්දු 219කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 94ක් ද සහ Liam Scott පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී සොනාල් දිනූෂ ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රමෝද් මදුශාන් සහ මොහොමඩ් ශිරාස් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාA ක්‍රිකට් කණ්ඩායම– පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (82.0) නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 105, විශාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, Liam Scott 2/27, Henry Thornton 2/31, Nathan McSweeney 2/51
- ඔස්ට්‍රේලියාA ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිමකඩුලු 4ක් දැවී 241 (87.0) Jake Weatherald 54, Nathan McSweeney 94, Liam Scott නොදැවී 52, සොනාල් දිනූෂ 2/44
මෙම තරගය හෙට (15) 3 වැනි දිනයටත් පැවැත්වේ.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<