දුනිත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම ආසියානු කුසලානයට!

Asia Cup Rising Stars 2025

214
Asia Cup Rising Stars 2025

Asia Cup Rising Stars 2025 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා A සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය දුනිත් වෙල්ලාලගේ හට හිමි වී ඇති අතර, ඔහු සමඟ මෑත කාලීන ව දේශීය ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු නම් රැසක් මෙම සංචිතයට එක් වී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා A සංචිතය:

දුනිත් වෙල්ලාලගේ, විශේන් හැළඹගේ, නිශාන් මදුශ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, සොහාන් ද ලිවේරා, රමේශ් මෙන්ඩිස්, ට්‍රවීන් මැතිව්, විජයකාන්ත් වියස්කාන්ත්, ප්‍රමෝද් මදුශාන්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර සහ ගරුක සංකේත්

ආසියානු කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය මගින් එම රටවල දක්ෂ නැගී එන ක්‍රීඩකයින්ට සිය ජාත්‍යන්තර තරග අත්දැකීම් වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා වනු ඇති.

තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වීමට නියමිත අතර, ශ්‍රී ලංකා A, ඇෆ්ගනිස්තාන A, බංග්ලාදේශ A සහ හොංකොං චීන කණ්ඩායම් A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි. එමෙන්ම B කාණ්ඩය යටතේ ඉන්දීය A, පාකිස්තාන A, එක්සත් අරාබි එමීර් සහ ඕමාන කණ්ඩායම් තරග වදිනු ඇති.

මෙම මස 14 සිට 23 දක්වා කටාර් හිදි පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නොවැම්බර් මස 15 වැනි දා ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<