ඉදිරි වසර 08 සඳහා ආසියානු කුසලාන මාධ්‍ය අයිතිය Sony වෙත!

84
Sony bags asia cup media rights

2031 වසර තෙක් පැවැත්වීමට නියමිත සියලු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා මාධ්‍ය හිමිකාරිත්වය Sony Pictures Networks India (SPNI) ආයතනය විසින් හිමි කරගෙන තිබෙනවා. 

මෙය මීට පෙර පැවති ගිවිසුමට වඩා 70%ක පමණ අගය ඉහළ යෑමක් සමග සිදු වූ බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සඳහන් කරන්නේ. 

මෙවර හිමිකාරිත්වය ලබා දීම සඳහා Sony සමඟ තරග වැදීමට Jio-Star ආයතනය ද සූදානම් වී සිටි නමුත්, ඊයේ (22) පැවැත්වුණු විද්‍යුත් වෙන්දේසියට ඔවුන් සම්බන්ධ වී තිබුණේ නැහැ. ඒ අනුව Sony ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 170ක මූලික අගයකට මෙම හිමිකාරිත්වය ලබා ගෙන තිබෙනවා. 

මෙම කාල සීමාව තුළ ආසියානු කුසලාන තරගාවලි හතරක් පැවැත්වීමට නියමිත අතර, ඉන් පළමු තරගාවලිය 2025 දී ඉන්දියාවේ දී (විස්සයි විස්ස තරග රටාවෙන්) පැවැත්වීමට නියමිතයි. 

ඉන් පසුව 2027 දී බංග්ලාදේශයේ (එක්දින), 2029 දී පාකිස්තානයේ (විස්සයි විස්ස) සහ 2031 දී ශ්‍රී ලංකාවේ (එක්දින) ඉතිරි තරගාවලි ත්‍රිත්වය පැවැත්වීමට නියමිතයි. 

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<