දෙවන ඉන්දියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය ඊයේ (03) SSC ක්‍රීඩාංගණයේදී ඇරඹුණු පසුව දිස්වුණේ ඉන්දියානු පිතිකරුවන් පළමු තරගයේ තවත් කොටසක් ඇරඹු ආකාරයකි. ඒ අතර ඉන්දියානු අංක 3 පිතිකරු චේතේශ්වර් පුජාරා තනිවම සිදුකළ වික්‍රමයන් මොනවාද?
රහානේ – පුජාරා සබඳතාවය ශ්‍රී ලංකා පන්දු යවන්නන් හඬවයි
ඉන්දීය ප්‍රථම ඉනිම ශක්තිමත් කරමින් චෙටෙස්වර් පුජාරා සහ අජින්ක්‍යා රහානේ අතර ගොඩ නැගුණු…
ඉන්දියා – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ඉන්දියානු පිතිකරුවන් විසින් රැස්කරගෙන තිබූ ලකුණු සංඛ්‍යාව කඩුලු 3කට ලකුණු 344කි. පළමු තරගයේ පළමු දිනය තුළ දී ද කඩුලු 3කට ලකුණු 399ක් රැස්කරගන්නට ඔවුන් සමත් වූ අතර සංචාරක ටෙස්ට් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේදී පිට පිට ටෙස්ට් තරග දෙකක පළමු දිනයන්හිදී ලකුණු 300 පසුකළ පළමු අවස්ථාව එයයි.
පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු 128ක් ලබා සිටි චේතේශ්වර් පුජාරාට මෙම දිනය විශේෂ දිනයක් වූවා. ඔහු තනිවම පසුකළ වාර්තා කිහිපයක්ම මෙදින හැකිවිය.
පුජාරා ඊයේ ක්‍රීඩා කළේ තම 84 වැනි ටෙස්ට් ඉනිමයි. එහිදී ටෙස්ට් දිවියේ ලකුණු 4,000 සීමාව පසුකරන්නට ඔහු සමත් වුනේ අඩුම ටෙස්ට් ඉනිම් ගණනකදී එම කඩඉම පසුකළ තෙවන ඉන්දියානුවා බවට පත්වෙමින්. ඔහුට ඉදිරියෙන් සුනිල් ගවස්කාර් සහ විරේන්දර් ෂෙවාග් පසුවන්නේ ටෙස්ට් ඉනිම් 81ක් පමණක් ඊට වැය කළ වුන් හැටියටයි. රාහුල් ද්‍රාවිඩ්ද ලකුණු 4,000 සීමාව පසුකොට තිබුණේ ටෙස්ට් ඉනිම් 84කදී යි.

මේ පුජාරාගේ 50 වැනි ටෙස්ට් තරගයයි. 50 වැනි ටෙස්ට් තරගයේදී ඉන්දියාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ 7 වැන්නා ඔහුය. දැනට ශ්‍රී ලංකාවේදී පුජාරාගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය 147ක්.
තරගය තවත් දින හතරක් පුරාවට පැවැත්වීමට නියමිතයි. පුජාරා තව මොනවා කරාවිද?
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට





















