ශ්‍රී ලංකා රග්බි රග්බි පාපන්දු සංගමය සිය නිල නාමය වෙනස් කරයි

248
SLRFU

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සන්ද්‍යවේ දී කොළඹ පිහිනුම් සංගම් ශාලාවේ දී පැවැත්විණි.

පසුගිය ලිපි: හොංකොං සහ ශ්‍රී ලංකාව ලෝක සත් සාමාජික රග්බි තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙතැන් සිට “ශ්‍රී ලංකා රග්බි” යන නාමය භාවිතා කරනු ලබන බවට සභාපති අසංග සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කලේ ය. ලොව පුරා ඇති ප්‍රධාන පෙලේ රග්බි සංගම් විසින් සිදු කරන ලද වෙනස්කම් වලට සමගාමීව මෙම වෙනස්කම් සිදු කර ඇත. විශේෂයෙන් අන්තර් ජාතික රග්බි මණ්ඩලය (International Rugby Board – IRB) සිය නාමය “ජගත් රග්බි (World Rugby)  ලෙස හඳුන්වනු ලබනු ඇති අතර ආසියානු රග්බි පාපන්දු සංගමය (Asian Rugby Football Union) ද සිය නාමය “ආසියානු රග්බි (Asia Rugby)” ලෙස වෙනස් කර ඇති බව සඳහන්ය. මීට අමතරව එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ද මෙම පියවර අනුගමනය කරමින් සිය නිල නාමය තුල ඇති “පාපන්දු සංගමය” යන කොටස ඉවත් කර ඇති බවට සඳහන් ය. මෙම පියවර අනුග්‍රාහකයන් ලබා ගැනීමට ද ඉවහල් වනු ඇති බවට සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කලේය. “කාන්තා රග්බි කණ්ඩායම නොවන්නට අපට ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩා කිරීමට ඉඩ නොලැබී යාමට ඉඩ තිබිණි. ඔලිම්පික් ක්‍රීඩා සඳහා තරඟ වැදීමට නම් කාන්තා සහ පිරිමි ලෙස කණ්ඩායම් දෙකක් තිබීම අනිවාර්ය කරුණකි. අප කාන්තා රග්බි කණ්ඩායම දියුණු කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් අපගේ සාමාජිකත්වය ආසියා සහ ජගත් රග්බි මණ්ඩල මගින් අහෝසි කිරීමට ඉඩ ඇත”. මෙම ගැටලුවට පිලියමක් ලෙස ශ්‍රී ලංකා රග්බි ආයතනය මගින් එළැඹෙන වසරේ දී වෙළඳ සේවා සහ ඩයලොග් සුපර් සෙවන්ස් තරඟාවලි සඳහා කාන්තා රග්බි ලීග් තරඟාවලියක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

තව දුරටත් අදහස් දැක්වූ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ඉහල දක්ෂතා අධ්‍යක්ෂක ලෙස ඉන්ති මරිකාර් මහතාගේ පත්වීම කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඉහල දක්ෂතා සඳහා ඉතාමත් ඵලදායී වූ බවයි. පාසල් තුල ක්‍රීඩාවේ වර්ධනය ඉතාමත් දිරිමත් කරවන සුලු බවට ප්‍රකාශ කල ඒ මහතා ශ්‍රී ලංකාව ආසියාවේ ෆීජි කණ්ඩායම විය යුතු බවට උදාර අරමුණක් ද ලබා දුන්නේය.  

ඔහු තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ නික් ග්‍රෝබ් මහතා සමඟ එක්ව ක්‍රීඩාව සඳහා ක්‍රීඩකයන් විද්‍යානුකූලව සූදානම් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බවයි. “මොවුන් සතුව ක්‍රීඩාව පිළිබඳව හසල දැනුමක් තිබෙනවා. ඒ සමගම ක්‍රීඩාවට ආදරයක් සහ මහත් ළැදිකමක් තිබෙනවා” යැයි ද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඊට අමතරව රට තුල රග්බි ක්‍රීඩාවේ උන්නතිය උදෙසා Y. C. චැන්ග් මහතාගේ දායකත්වය පිළිබඳ ව අදහස් දැක්වීමට ද සෙනවිරත්න මහතා අමතක නොකලේය.

ප්‍රියන්ත ඒකනායක මහතා විසින් ප්‍රධාන විධායක ධූරය දැරීමට නියමිත අතර ශ්‍රී ලංකා රග්බි කමිටුවේ සිදු වූ එකම වෙනස ලෙස භාණ්ඩාගාරික මොහොමඩ් රියාස් මහතා වෙනුවට රේ අබේවර්ධන මහතා පත් විය.

  • සභාපති – අසංග සෙනෙවිරත්න
  • උප සභාපති – ලසිත ගුණරත්න
  • ගරු ලේකම් –  නසීම් මොහොමඩ්
  • භාණ්ඩාගාරික – රේ අබේවර්ධන
  • විධායක අධ්‍යක්ෂ – රොහාන් ගුණරත්න

තේරී පත් වූ කවුන්සිල සාමාජිකයන්

  • තුවාන් ඩෝල්
  • රොෂාන් ඩීන්
  • ෆසාල් මොහොමඩ්
  • ජූඩ් පිල්ලේ
  • ශම්‍රත් ප්‍රනාන්දු
  • ටෙඩ් මුත්තයියා
  • බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ

ශ්‍රී ලංකා රග්බි භාරකාර තනතුර

  • මලික් සමරවික්‍රම
  • හේමක අමරසූරිය
  • Y.C. චැන්ග්

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට